හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානය ගැන තොරතුරු වාර්තාවී ටික දිනකින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඒවා කටකතා බවත් තමා එවැන්නකට සම්බන්ද නැති බවත් නිල නිවේදනයක් කලාය.
නමුත් දේශපාලන ආරංචි සඳහන් කරන්නේ එම සන්ධානයේ අවුල් සහගත තත්වයක් මත මෙම වෙනස සිදුවූ බවයි.චන්ද්‍රිකා මහත්මිය එසේ කියා ඉදිරි අපේක්ෂකයෙකු ලෙස සලකන පාඨලී චම්පිකගේ රැස්වීමකටද ගොස් ඉදිරි අසුනක සිටි අතර දේශපාලන නිරීක්ෂකයින් අන්දුන් කුන්දුන් කරන්නට මෙම වෙනස හේතු විය.
චන්ද්‍රිකා - මෛත්‍රී අදාළ ගිවිසුම් අත්සන් කිරීම තවදුරටත් පමාවන බව අද සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ මෙම සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ ප්රශ්නය නිරාකරණය නොවීමයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම තනතුර සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු හා නීති විශාරදවරයකු වන කෙනකුගේ නම යෝජනා කර ඇත. එහෙත් ජනාධිපති අපේක්ෂකත්වයට වඩාත් සුදුස්සා තමන් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා අපේක්ෂකත්වය පිළිබඳ අර්බුදය හටගත් බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එම නිසා මාර්තු මස මුල් සතියේ අත්සන් කිරීමට නියමිතව තිබූ නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව කියැවේ. එම සන්ධානය සඳහා අනුර යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ලංසා පිල, නසීර් අහමඩ් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය, මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂය හා අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මූලික වශයෙන් එකඟ වී තිබිණි.
0 Comments