chat-gpt-uk-students

එක්සත් රාජධානියේ උපාධි අපේක්ෂකයින්ගෙන් අඩකට වඩා පවසන්නේ ඔවුන් තම රචනා ලිවීමට උපකාර කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිතා කරන බවයි.

උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති ආයතනය (Hepi) විසින් පවත්වන ලද එක්සත් රාජධානියේ උපාධි අපේක්ෂකයින් 1,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කරනු ලැබූ සමීක්‍ෂණයකින්,  53% ක් පමණ තම අධ්‍යාපනික වැඩ සඳහා AI භාවිතා කරන බව සොයා ගන්නා ලදී. ඉන් හතරෙන් එකක් මාතෘකා යෝජනා කිරීමට Google Bard හෝ ChatGPT වැනි යෙදුම් භාවිතා කරන අතර අට දෙනෙකුගෙන් එක් අයෙකු රචනයේ අන්තර්ගතය නිර්මාණය කිරීමට Google Bard හා ChatGPT භාවිතා කරයි. 5% ක් පමණක් AI ලබා දෙන දත්තයන් කිසිදු සංස්කරණයකින් තොරව පිටපත් කරන බව පිළිගෙන ඇත.



අධ්‍යාපන එන්ඩොව්මන්ට් පදනම (EEF)  පාඩම් සැලසුම් කිරීම,  විභාග සහ ආදර්ශ පිළිතුරු නිර්මාණය කිරීම සඳහා AI භාවිතය පිළිබඳ නව පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමඟ , ගුරුවරුන් ඔවුන්ගේ වැඩ කටයුතු විධිමත්ව සිදු කිරීමට AI භාවිතා කිරීමට උත්සාහ කරයි.

සසෙක්ස් විශ්ව විද්‍යාලයේ බුද්ධිමය දේපල නීති පිළිබඳ පාඨක ආචාර්ය ඇන්ඩ්‍රෙස් ගුවාඩමුස් පැවසුවේ,  වැඩි පිරිසක් AI භාවිතා කිරීම පුදුමයක් නොවන බවත් අධ්‍යයන මෙවලමක් ලෙස එය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේදී ආයතන පැහැදිලි විය යුතු බවත් ය.



AI භාවිතා කරන සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පමණ සංඛ්‍යාලේඛන, ශාස්ත්‍රීය උපුටා දැක්වීම් හෝ පොත් මාතෘකා සොයා ගැනීම සඳහා AI භාවිතා කරන බව Hepi සමීක්ෂණයෙන් සොයා ගන්නා ලදී.

AI භාවිතය ව්‍යාප්ත වී ඇති හෙයින්, එය භාවිතා කිරීමට කැමති සිසුන් අඩු සංඛ්‍යාවක් මෙම සමීක්ෂණයෙන් සොයා ගන්නා ලදී.

“ලෝකය විකාශනය වෙමින් පවතින අතර, අධ්‍යාපනඥයින් වශයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමෙන් මෙන්ම වඩාත් අභියෝගාත්මක ඇගයීම් සැලසුම් කිරීමෙන් ඒවාට අනුවර්තනය විය යුතුය. ” යැයි ගුවාඩමුස් පැවසීය.

EEF විසින් ගෙනෙන ලද AI භාවිතය පිළිබද යෝජනාව ,  ගුරුවරුන් මත ඇති වගකීම් බර අඩු කිරීමට මෙන්ම ඔවුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

EEF හි ව්‍යාපෘතියට සහභාගී වන එංගලන්තයේ පාසල් 58 න් අඩකට පමණ ,  පුහුණු ප්‍රශ්න, විභාග සහ ආදර්ශ පිළිතුරු වැනි ඇගයීම් ද්‍රව්‍ය නිර්මාණය කිරීමට සහ විශේෂිත ළමුන් කණ්ඩායම් සඳහා පාඩම් සකස් කිරීමට මෙවලම් කට්ටලයක් ලබා දෙනු ඇත. AI-ජනනය කරන ලද පාඩම් සැලසුම් ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් තක්සේරු කරනු ලැබේ.

(ද ගාර්ඩියන් ඇසුරිනි)