chile-wildfires-state-of-emergency-intl-hnk

චිලී රාජ්‍යය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 99 දෙනෙකු මිය ගොස් ඇති බව CNN Chile ඉරිදා පස්වරුවේ වාර්තා කළේය.  රජයේ නීති වෛද්‍ය සේවය (SML) උපුටා දක්වමින් බලධාරීන් අනතුරු අඟවන්නේ මරණ සංඛ්‍යාව .තවදුරටත් ඉහළ යා හැකි බව ය.

Viña del Mar සහ Valparaiso වැනි වෙරළබඩ නගර දුමාරයෙන් පිරී ඇති අතර , කලාපයේ මධ්‍යම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තම නිවෙස් හැර යන ලෙස දන්වමින් හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර සේවයේ අධ්‍යක්ෂ අල්වාරෝ හෝර්මසාබල් පවසන පරිදි රට පුරා සක්‍රීය ලැව්ගිනි 161 ක් වාර්ථා ඇත.  අදහස් දක්වමින් හෝර්මසාබල් පැවසුවේ ගිනි නිවන භටයින් එම ලැව්ගිනි මාලාවෙන් , ලැව් ගිනි102 ක් පාලනය කර ඇති බවයි. මේ වන විට ලැව් ගිනි 40 ක් සමඟ සටන් කරමින් සිටින අතර 19 ක් නිරීක්ෂණ මට්ටමේ පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.  

ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික්, විපතට පත් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසුව ඉරිදා පැවති මාධ්‍ය හමුවකදී, මරණ සංඛ්‍යාව “සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති” බව පැවසූ අතර , සඳුදා සහ අඟහරුවාදා යන දෙදින ගින්නෙන් විපතට පත් වූවන් සඳහා ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කළේය.

Valparaiso කලාපයේ ආණ්ඩුකාර Rodrigo Mundaca ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, බලධාරීන් විසින් Viña del Mar, Quilpué, Villa Alemana සහ Limache යන නගරවල ඇඳිරි නීතිය පනවා ඇති බවත්, ගින්නට එරෙහිව සටන් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට ඉඩ සලසන බවත්ය.

Quilpué හි නගරාධිපති Valeria Melipillán පැවසුවේ මෙම ගින්න , කලාපයේ “මෙතෙක් පැවති විශාලතම” ගින්න බව තමා විශ්වාස කරන බවත් , නගර සභා දේශ සීමාවේ පැවති නිවාස 1,400 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවත්ය. Melipillán හි බලධාරීන් වැඩිදුරටත් පැවසුවේ, ඉවත් කිරීමේ උත්සාහයන් කාර්යක්ෂම සිදු වූ අතර, විපතට පත් ප්‍රදේශවල ජීවත් වන ඇතැම් පුද්ගලයින් තම නිවෙස් හැර යාමට අකමැති වූ බවයි.

"මධ්‍යම චිලී රාජ්‍යයට බලපා ඇති විනාශකාරී ලැව්ගිනිවලින් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් යාඥා කරන ලෙස" ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 'X' (ට්විටර්) හි සටහනක් මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

සෙනසුරාදා රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති බොරික් පැවසුවේ , ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය සියලු සම්පත් ලබා දී ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට තවත් හමුදා ඒකක යොදවන බවයි.

චිලියේ මුදල් ඇමති මාරියෝ මාසෙල් පැවසුවේ, Valparaiso කලාපයේ හානි සඳහා මූලික ඇස්තමේන්තුව “ඩොලර් මිලියන සියගණනක්” කරා ළඟා වනු ඇති බවයි.

චිලියේ අගනුවර වන සන්තියාගෝ හී උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 (F 91.4 ° F) ක් පමණ වන ඉහළ උෂ්ණත්වයක් කරා ලගා වීමත් , වියලි උෂ්ණත්වය අඛණ්ඩව දින ගනනාවක් පැවතීම හේතුවෙන්  රට පීඩාවට පත් වීමත් සමඟ මෙම ලැව්ගිනි තත්වය හටගත් බව වාර්ථා වෙයි.

විද්‍යාඥයින් පවසන්නේ ,දේශගුණික විපර්යාස සහ එල් නිනෝ කාලගුණ සංසිද්ධිය වඩ වඩාත් උණුසුම් ග්‍රහලෝකයක් ඇති කිරීමට සූදානම් වන අතර, මේ නිසා තාප තරංග සහ ලැව්ගිනි වැනි සිදුවීම් ඉදිරියේ දී  ඉහළ යෑමට ඉඩ ඇති බවයි.

ලැව්ගිනි සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව චිලී වාර්තා කරයි.

පොලිසියට පවසන පරිදි මෙම පුද්ගලයා මධ්‍යම චිලියේ ටැල්කා නගරයේ ඇති ඔහුගේ නිවසේ වෙල්ඩින් වැඩ කරමින් සිටියදී අහම්බෙන් ඇති වූ ගින්නක් අසල තණබිම්වලට පැතිර යාම ගින්න හට ගැනීමට මූලික වී තිබේ.  මවුලේ අභිචෝදක කාර්යාලයට අනුව සැකකරු ඉරිදා තල්කාහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.

Valparaiso නගරය අනෙකුත් නාගරික ප්‍රදේශවලට සමීපව පැවතීම නිසා , හදිසි කාර්ය මණ්ඩලය චිලී වෙරළ තීරයේ පවතින Valparaiso වරාය නගරයේ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර , එහි නගරාධිපතිට අනුව පදිංචිකරුවන් 372 ක් පමණ ගින්න හේතුවෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.