dead-bodies-from-four-locations

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇත.


කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ හමුවූ නිරුවත් මෘත ශරීරය වයස අවුරුදු 35ත් 40ත් අතර උස අඩි 05යි අඟල් 08ක පමණ පිරිමි පුද්ගලයකුගේ බවට අනුමාන කර ඇත.
පෑලිගොඩ – 04 කණුව හා පට්ටිය හන්දිය අතර ප්‍රදේශයේ දී දුම්රියක ගැටුණු පුද්ගලයෙකුගේ

නාඳුනන මෘත ශරීරයක් හමුව තිබෙයි.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 05ක පමණ පිරිමි පුද්ගලයෙකි.
සුදු හා කළු ටී ෂර්ට් එකක් සහ කළු දිග බොටම් කලිසමක් හැඳ සිට ඇති ඔහුගේ වැලමිටෙන් පහළ පච්ච කොටා ඇත.
මාරවිල – ජයලත්ගම ප්‍රදේශයේ දී වගුරු බිමක නාඳුනන පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුව තිබෙනඅතර බැලුබැල්මට අවුරුදු 55ක් 60ක් පමණ වන උස අඩි 06ක පමණ පිරිමි පුද්ගලයෙක්.


රාගම – කඩවත මාර්ගයේ රෝහල් වට රවුම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට පඩිපෙළෙක නාඳුනන මළ සිරුරක් හමුව තිබෙයි.
 වයස අවුරුදු 60ත් 65ත් අතර වයසේ පසු වන, උස අඩි 05යි අඟල් 04ක පමණ පිරිමි පුද්ගලයෙකි.
ඔහු අළු පැහැති සරමක් හා කළු පැහැති අත්කොට ටී ෂර්ට් එකක් හැඳ සිටින බව පොලිසිය පවසයි.