
දෙහිවල හිල් වීදියේ ජාත්‍යන්තර පාසලක මුදල් අංශයේ සේවිකාවක් ව්‍යාජ මුද්‍රා භාවිත කරමින් රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් වංචා කර ඇතැයි දෙහිවල පොලීසිය කියයි.
වංචාවත් සමගම එම සේවිකාව අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
එම සේවිකාව 2023 වර්ෂයේ පෙබරවාරි 11වැනිදා සිට දෙසැම්බර් 12වැනිදා දක්වා අවස්ථා 17කදී සිසුන් විසින් වරින් වර ගෙවීම් කටයුතු කරන ලද මුදල් ව්‍යාජ මුද්‍රා භාවිත කර එම සිසුන්ට රිසිට්පත් ලබාදී වංචා කර ඇති බව එම පාසලේ අලෙවි විධායකවරයෙකු සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ වනවිට අතුරුදන්ව සිටින සේවිකාව බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval