නෙදර්ලන්තයේ සිට එක්සත් ජනපදය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගමන් මලු බඳුනකින් පණුවන් වැටීම හේතුවෙන් නැවතත් ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් වෙත හැරවීමට සිදු විය.
ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානය, අඟහරුවාදා පෙරවරු 10.30 ට පමණ ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපළේ සිට මිචිගන්හි ඩෙට්රොයිට් දෙසට පිටත් වූ නමුත් , පැය 1.5 කට පමණ පසුව නැවත එම ගුවන් තොටුපළටම ගොඩ බැස්ස වූ බව ෆ්ලයිට් අවෙයාර් හි පියාසැරි නිරීක්ෂණ දත්ත වාර්ථා කරයි.
සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රකාශවලින් කියැවුණේ කුණු වූ මාළු සහ පණුවන් මෙහි රැගෙන ගොස් ඇති බවයි.
ගුවන් සමාගම පැවසුවේ, “අනවසරයෙන් ඇසුරුම් කර තිබූ රැගෙන යා හැකි බෑගයක්” ගමනට බාධා කළ බවත්, ගුවන් යානය පිරිසිදු කිරීම සඳහා එහි පියාසැරිය අත්හිටුවීමට සිදු වූ බවත්ය.
පීපල් සඟරාවට ප්‍රකාශයක් නිකුත් කරමින් ගුවන් සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය. "පෙබරවාරි 13 වෙනිදා Flight 133 හි වැරදි ලෙස ඇසුරුම් කර ඇති රැගෙන යා හැකි බෑගයක් හේතුවෙන් , පාරිභෝගිකයින්ගේ ගමනට බාධා වූ බැවින් අපි ඔවුන්ගෙන් සමාව අයදිමු" යනුවෙන් එහි සඳහන් වේ.
"ගුවන් යානය නැවතත් ගමන් ආරම්භ කළ ගුවන් තොටුපොළ වෙතම ආපසු පැමිණි අතර,
මගීන් වෙනත් ගුවන් යානයට ඇතුළත් කරන ලදී."
මෙම ගුවන් යානය මෑතකදී යානයේ ජීව උවදුරක් හේතුවෙන් ආපසු හැරවූ පළමු ඩෙල්ටා ගුවන් යානය නොවේ. සැප්තැම්බරයේදී, ගුවන් යානය තුළදී මගියෙකුට පාචනය ඇති වීම හේතුවෙන් ” එක්සත් ජනපදයේ ඇට්ලන්ටා සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා දක්වා වූ ගුවන් ගමනද කඩාකප්පල් විය.
යානයක් ගුවනේ තිබියදී ගුවන් ගමනක් අවලංගු කිරීම, ඉන්ධන අපතේ යන ගුවන් සමාගමකට අධික මිලක් දචැරීමට සිදු වන ක්‍රියාවක් වන අතර නව කාර්ය මණ්ඩලයක් සොයා ගැනීමේ අවශ්‍යතාවය ද පැණ නගී.
0 Comments