මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාව මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබ තිබේ.
අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ඔහු අද (26) සන්ධ්‍යා කාලයේ ලබාගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතා අවස්ථා 3 ක් පමණ සේවා දිගු ලබමින් වැඩබලන පොලිස්පති ධූරයට පත් කළ පසුව නැවත සේවා දිගුවක් ලබා නොදීමට ජනපතිට බැරිව ගියේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතය.
පොලිස්පති ධුරය සඳහා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තියුණු තරගයකින් පසු
දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනපතිවරයා පසුගිය නොවැම්බර අග පත් කර තිබුණි.
ඔහු වැඩබලන තනතුර ලබාගත් පසු 'යුක්තිය' මෙහෙයුම ඇතුළු නව මෙහෙයුම් කිහිපයක් දියත් කළ අතර අද පොලිස්පති ලෙස ස්ථිර තනතුරකට උසස් කර තිබේ.
පොලිස්පති ධූරය එක් තැනැත්තෙක් වසර 3 ක උපරිමයක කටයුතු කළ හැකි පරිදි පසුගියදා සංශෝධන එක් කරන්නට රජය කටයුතු කර තිබුණි.
0 Comments