dog-death

අසල්වැසි නිවසක සුනඛයෙකුට පහරදී කැලේකට රැගෙන ගොස් පෙට්‍රල් දමා ගෙනි තබා මරා දැමීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සහනා පාතිමා හග්නා මහත්මිය මෙම මස (19දා) දක්වා ඊමාන්ඩ් භාරයට පත් කළාය.



පහල යාගොඩ ප්‍රදේශයේ හැටපස් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.



ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.

ගිනි තබා මරා දමන ලද සුනඛයාගේ හාම්පුතා කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සුනඛයාට ගිනි තැබීමට හේතුව, අසල්වැසි නිවසේ ඇතිකරනු ලබන උසස් වර්ගයේ බැල්ලිය ඇසුරු කිරීමට සාමාන්‍ය සුනඛයා නිතර පැමිණීම පිළිබඳ ඇති වූ කේන්තිය හේතුවෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවද පොලීසිය කියයි.



මෙලෙස සත්වයෙකු ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සත්ත්ව හිංසා විරෝධී සංවිධානය කිහිපයක දැඩි විරෝධය පළව ඇති බවද දැනගන්නට ඇත.

යක්කල පොලීසියේ උපපොලිස් පක්ෂක නිමල්සිරි මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.


කිරිදිවැල - උපාලි රණවීර / ගම්පහ තිලකරත්න දිසානායක