egypt-pyraid-changes

ගීසාහි මහා පිරමිඩ තුනෙන් කුඩාම පිරමීඩය වන Menkaure පිරමීඩයේ පැරණි ග්‍රැනයිට් ආවරණ නැවත ස්ථාපනය කිරීමේ මතභේදාත්මක සැලැස්මක් ඊජිප්තුව විසින් ව්‍යර්ථ කර ඇති බව එරට සංචාරක අමාත්‍යවරයා විසින් පිහිටුවන ලද කමිටුවක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



පුරාවස්තු පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ මහලේකම් Mostafa Waziri පසුගිය මාසයේ මෙම සැලැස්ම නිවේදනය කළේ එය "සියවසේ ව්‍යාපෘතිය" බව ප්‍රකාශ කරමිනි.



පිරමිඩ අතර තනිව, Menkaure නිර්මාණය කර ඇත්තේ හුණුගල් වලට වඩා කළුගල් වලින් ආවරණය වන පරිදි ය. ක්‍රිස්තු පූර්ව 2503 දී පමණ Menkaure ගේ මරණය හේතුවෙන් ඉදිකිරීම් නතර කිරීමට පෙර මෙම පිරමීඩයේ, ‘ග්‍රැනයිට් ස්ථර 16 සිට 18 දක්වා පමණක් සවි කර ඇත.

පිරමීඩයේ පාදම වටා වැටී ඇති ග්‍රැනයිට් කුට්ටි රාශියක් පැවතුනද, සියවස් ගණනාවක් පුරා, මංකොල්ලකෑම, කාලගුණය සහ කඩාවැටීම් වැනි හේතූන් මෙහි බොහෝ ස්ථර අතුරුදහන් වීමට හේතු විය.

Waziri පැවසුවේ,  ග්‍රැනයිට් ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වසරක ස්කෑන් කිරීම සහ ලේඛනගත කිරීමෙන් පසුව පමණක් සිදු කරන බවයි.



"මීට වසර දහස් ගණනකට පෙර සිට පිරමීඩයේ පාදම වටා විසිරී ඇති ග්‍රැනයිට් ආවරණ කුට්ටි නැවත ස්ථාපනය කිරීමට Menkaure පිරමීඩ සමාලෝචන කමිටුව ඒකමතිකව විරුද්ධ වී තිබේ" යනුවෙන් කමිටුව බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

කමිටුවේ ප්‍රධානියා වූ හිටපු පුරාවස්තු අමාත්‍යවරයෙකු වන Zahi Hawass පැවසුවේ, එක් එක් කුට්ටිය මුලින් තිබුණේ කොහේද යන්න තීරණය කළ නොහැකි බවයි. ඒවා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සිමෙන්ති ද අවශ්‍ය වන අතර එමඟින් පිරමීඩය විනාශ වන බවද ඔහු පවසයි.

"පිරමීඩ පිළිබදව කරදර නොවන ලෙසත්, ගීසාහි පිරමීඩ ආරක්ෂිත බවත් ප්‍රකාශ කළ Hawass මහතා, පිරමීඩයන්ට කිසිවක් සිදු නොවනු ඇති බවත්,

Menkaure පිරමීඩය කිසිවෙකුට ස්පර්ශ කළ නොහැකි බවත් පැවසීය.

හත් දෙනෙකුගෙන් යුත් කමිටුව Menkaure පිරමීඩයේ වලවල් කැණීම සඳහා මූලික අනුමැතිය ලබා දුන්නේ,  Menkaure පිරමීඩයට යාබදව පිහිටි Khufu පිරමීඩය අසළින් හමු වූ Pharaonic සම්බන්ධයෙන්  "පැහැදිලි සහ සවිස්තරාත්මක විද්‍යාත්මක අධ්‍යයනයකින්" පසුව පමණි.

නමුත් ඉපැරණි ස්මාරකය ඉක්මනින් වෙනස් කළ හැකි බවට වූ පුවත ජාත්‍යන්තර විරෝධයක් ඇති කළ අතර , ව්‍යාපෘතිය සමාලෝචනය කිරීමට ඊජිප්තුවේ පුරාවස්තු අධිකාරිය පොළඹවන ලදී. මේ වන විට පුරාණ ලෝකයේ පුදුම හතෙන් තවමත් ඉතිරිව ඇති එකම එක පිරමීඩයක් පමණි.