gamini-jayawicrema-passed-away

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. මිය යන විට ඔහුට වයස අවුරුදු 83කි.

මල්ලව ආරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1994 සිට 2020 තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර අවසන් වරට පසුගිය මෛත්‍රිපාල සිරිසේන රජයේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.


කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළේය.
ආහාර ආරක්ෂණ පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයකුද විය. ඔහු 2016 අප්‍රේල් මාසයේදී ESCAP (ආසියා සහ පැසිෆික් සඳහා ආර්ථික හා සමාජ කොමිසම) සභාපති ලෙස තේරී පත් විය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ (UNP) සභාපති ද විය.

 රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 11 වනදා කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසට ද ගොස් තිබේ.

ගාමිණී අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි . ඔහු විද්‍යාලයේ පළමු XI ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 1960 දී කණ්ඩායමේ නායකයා විය.