gemunu-speaks

බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු 10% කින් ඉහළ දමන්නට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පවසා තිබේ.



ඔහු මෙම අදහස් පළ කළේ, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඔහු සඳහන් කළේය.