gota-aragalaya

පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබුණි.



අරගලය  ආරම්භක සමයේදී  ජනතාවගේ  උල්ලංඝනය  මූලික අයිතිවාසිකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධ්පති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය.



අරගලය ආරම්භක සමයේදී එය පාලනය කිරීමේ අරමුණෙන් 2022 අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරමින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා එසේ දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා" පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.



අරගලය ආරම්භ සමයේදී එය පාලනය කිරීමේ අරමුණෙන් 2022 අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කෙරුණ හදිසි නීති රෙගුලාසි හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 අප්‍රේල් මාසයේදී නිකුත් කළ හදිසි නීති රෙගුලාසි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කළහ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා පෙනී වෙනුවෙන් සිවි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය අමතමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව දැනුම් දුන්නේය.

එම කරුණු දැනුම් දීමෙන් අනතුරුව පෙත්සම සළකා බැලීම ලබන ඔක්තෝබර් 09 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය තීරණය කළේය" පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොළ