harin-statement-india

ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ විරෝධයක් මතුව තිබේ.




ඔහු එහිදී ඉංග්‍රීසි බසින් පැවසුවේ මෙසේ ය.

“Fuel tanks are taken by the Indian companies. Our solar power energies provided by the Indian companies. This is one of the reasons I think the Indian external affairs secretary mentioned, if you are traveling somewhere, travel to Sri Lanka, because Sri Lanka is a part of India, actually.”

එහි දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

“තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්,

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොක ද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම.”

එහිදී, ඔහු “ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්” ලෙස අර්ථ නිරූපණය කරමින් එය ඉන්දීය ව්‍යවසායකයින් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශය “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්” බවට චෝදනා එල්ල වෙමින් පවතී.