hathurusinghe-bangladesh-issue

ශ්‍රී ලංකාව හා බංග්ලා­දේ­ශය අතර ක්‍රිකට් තර­ගා­ව­ලිය ආර­ම්භ­වී­මට දින 6කටත් වඩා අඩු කාල­යක් තිබි­යදී බංග්ලා­දේශ ක්‍රිකට් පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩ­ලය අතර, විශාල මත ගැටු­මක් නිර්මා­ණය වී තිබේ.

ජාතික කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා කිසි­යම් ආචාර ධර්ම පද්ධ­ති­යක් කඩ කර ඇත්නම් ඒ පිළි­බ­ඳව දැඩි ක්‍රියා­මාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආය­ත­නය පැව­සීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.



චන්දික හතු­රු­සිංහ මහතා බංග්ලා­දේශ ප්‍රධා­න­තම ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය ප්‍රසි­ද්ධියේ විවේ­ච­නය කළ බවට චෝදනා එල්ල­වී­මෙන් මේ මත ගැටුමේ ආරම්භ විය. “අපිට හරි­යා­කාර විස්සයි20 තර­ගා­ව­ලි­යක් නැහැ. මේක හරිම අමුතු තර­ගා­ව­ලි­යක්. මම බංග්ලා­දේශ ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය නර­ඹන විට සම­හර වෙලා­වට රූප­වා­හි­නිය නිවා දම­නවා.

ඇතැම් ක්‍රීඩ­ක­යන් සුදුසු මට්ටමේ නැහැ” යනු­වෙන් හතු­රු­සිංහ මහතා මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී පැව­සීම මේ ගැටුමේ ආර­ම්භය වේ. “දැන් පව­තින ක්‍රමය ගැන මට ලොකු ප්‍රශ්න­යක් තියෙ­නවා. ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය මැදි­හත් විය යුතුයි. බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩ­ලය යමක් කළ යුතුයි. බීපී­එල් සම්බ­න්ධ­යෙන් යම් නීති­රීති තිබිය යුතුයි. ක්‍රීඩ­ක­යන් තර­ගා­ව­ලිය අත­ර­තු­රදී තවත් තර­ගා­ව­ලි­ය­කට යනවා. සර්කස් එකක් වගේ. මෙහෙම වුණාම ප්‍රේක්ෂක ජන­තා­වගේ ක්‍රික­ට්ව­ලට ඇති උන­න්දුව නැති වී යනවා. හරි­යට මට උන­න්දුව නැති වුණා වගේ” පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා මාධ්‍ය සාක­ච්ඡා­වේදී පවසා තිබිණි.

හතු­රු­සිංහ මහ­තාගේ මේ සම්මුඛ සාක­ච්ඡාව බංග්ලා­දේශ ක්‍රිකට් පරි­පා­ල­නයේ කුණා­ටු­වක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආය­ත­නය වහාම ප්‍රති­චාර දැක්වීය.

ඒ අනුව බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභා­පති නසි­මුල් හසන් මහතා ප්‍රධාන පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහ­තාට කිසි­යම් අව­වා­ද­යක් කර­මින් මේ සම්බන්ධ පැහැ­දිලි කිරී­මක් ඉල්ලා ඇත. 

 ප්‍රින්ස් ගුණ­සේ­කර