හින්ද් නමින් හැදින්වෙන ඇය ,පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය (PRCS) පවසන පරිදි,ඇගේ මාමා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් හතර දෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
මෝටර් රථයේ සිටි සියල්ලන්ම ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරනු ලැබුවේ ගාසා නගරයේ නිරිත දෙසින් පිහිටි තාල් අල්-හවා ප්‍රදේශයේ ෆාරේස් ඉන්ධන පිරවුම්හල අසලදී වන අතර දරුවාගේ සීයා සමඟ කතා කළ පලස්තීන මාධ්‍යවේදියෙකු වන Khader Al Za'anoun ප්‍රකාශ කර ඇත්තේ ඇගේ ඉරණම ඛේදජනක වූ බවය.
මෙම සිදුවීම දැනගත් මොහොතේ දැරිය බේරා ගැනීම සඳහා යවන ලද ගිලන්රථ සේවකයින් දෙදෙනාටද මරණය හිමිවූ අතර එය PRCS ද තහවුරු කර ඇත .
මෙහිදී හින්ද් දැරිය බේරා ගැනීම සඳහා ගිලන් රථයට එම ස්ථානයට ළඟා වීමට අවසර දීම සඳහා පූර්ව සම්බන්ධීකරණයක් ලබාගෙන තිබියදීත් හිතාමතාම රතු ක්‍රෙසන්ට් කාර්ය මණ්ඩලය ඉලක්ක කර මෙම ව්‍යසනය සිදු කිරීම කාගේත් විවේචනයට ලක්ව ඇත.
පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය විසින් සපයන ලද ඛණ්ඩාංක ඇතුළුව, පසුගිය සිකුරාදා සිද්ධිය පිළිබඳ ඊශ්‍රායල හමුදා තොරතුරු ලබා දුන් අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විස්තර කරන ලද සිද්ධිය නුහුරු” බවත්,ඔවුන් තවමත් එය සොයා බලමින් සිටින බවත් ය.
හින්ද්ගේ ඥාති සොහොයුරෙකු වන 15 හැවිරිදි ලයන් හමාදේ, හදිසි සේවා සඳහා ඇමතුමක් ලබා දුන් අතර එය PRCS විසින් පටිගත කර සමාජ මාධ්‍යවල බෙදා ගෙන ඇත.
එසේම ඇමතුම අතරතුර ඇසුණු වෙඩි හඬින් හමාදේ ඝාතනය වී ඇති බව අනාවරණය වී ඇත.
එහි පසුබිමේ දැඩි වෙඩි තැබීම් මධ්‍යයේ ඔහු ප්‍රකාශ කර සිට ඇත්තේ වෙඩි තබන බවත්,ටැංකිය අසලම ඔවුන් සිටින බවත් ය.
ඉන් අනතුරුව දුරකථනයේ අනෙක් පස සබධතාවය රදවා සිටි පරිපූරක වෛද්‍යවරයා කතා කිරීමට උත්සහ කලද එයට ප්‍රතිචාර ලැබී නැත.
ඉන් පසු තනිව බියට පත්ව සිටි කුඩා හින්ද් උපකාරය සඳහා එයින්ම ඇමතුමක් ලබා ගෙන තිබු අතර එන්න මාව එක්කන් යන්න. ඔයා ඇවිත් මාව එක්කන් යනවද? මට ගොඩක් බයයි, කරුණාකර එන්න!" යනුවෙන් ප්‍රකාශ කරනු PRCS විසින් නිකුත් කරන ලද ප්‍රතිචාර දක්වන්නන් සඳහා වූ ඇමතුමේ පටිගත කිරීමකින් ඇසෙනු ඇත.
හින්ද්ගේ මව Wissam Hamada පැවසුවේ තම දියණිය වෛද්‍යවරියක් වීමට සිහින මැවූ බවයි.
අවසන් වශයෙන්ද ඇය පවසා ඇත්තේ “සෑම තත්පරයක්ම කුඩා හින්ද් එනතුරු ඇය බලා සිටින බවයි. ඕනෑම මවක් තම දියණියට ලෝකයේ හොඳම දේ සහ ලස්සනම දේ ප්‍රාර්ථනා කරන ආකාරයටම ඇයද එය ප්‍රර්ථනා කරන බව පවසා ඇත.
0 Comments