පස්වැනි දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටියදී ඇති වූ අධික කැස්ස හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් දින තුනකට පසුව හයමස් දරු ගැබද සහිතව මියගොස් තිබූ බව කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන, මැද මාවත, අංක 211 / 01 හි පදිංචි පැටිකිරි ආරච්චිගේ චතුරිකා ජයන්ති පෙරේරා නමැති (38) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
මෙමම කාන්තාව දරුවන් සිවු දෙනකුගේ මවක වන අතර ඉන් එක් බිලිඳෙකු මීට පෙර මියගොස් තිබේ. ඉන් පසුව තවත් දරු ප්‍රසූතියක් අපේක්ෂාවෙන් සිටියදී එක් වරම ඇති වූ අධික කැස්ස නිසා ශ්වසන අපහසුතාවක් හටගෙන තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හෝමාගම මූලික රෝහලට ඇතුළත්වදින තුනක් දැඩි සක්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබූ බව පොලිසිය පවසයි.මියගිය කාන්තාවගේ කුසෙහි සිටි හයමස් බිළිඳා සෞඛ්‍ය ආරක්ෂිතව වැඩී තිබූ බව පැවසේ.ඒ අනුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පනීත සෙනවිරත්න මහතා විසින් සිදු කරන ලදී.
එහිදී මියගිය කාන්තාවගේ එක් පෙණහැල්ලක ග්‍රෑම් 900 පමණ බරින් යුත් ලේ කැටියක් තිබී ඇති බවත් අනෙත් පෙණහැල්ලේ කිලෝ එකකට වැඩි බරින්
යුත් ජලය සහ ගෑස් පිරී තිබූ බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවත් පැවසේ.මෙලෙස රුධිර කැටියක් හිරවීමට හේතුව පැවති අධික කැස්ස නිසා ගෙල ආශ්රිත රුධිර නාලිකාවක් පුපුරා යාමෙන් බවත් රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සැලකිලිමත්ව වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළේ නම් මේ තත්ත්වය මගහරවා ගැනීමට ඉඩ තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වී තිබේ.පසුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මාතෘ මරණයට හේතුව ගෙල ප්‍රදේශයේ රුධිර නාලිකාවක් පුපුරා යාමෙන් අභ්‍යන්තර රුධිර වහනය කම්පනය මරණයට හේතුව බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments