horana-fraud

හොරණ නගරයේ ප්‍රකට තුරඟ තරග ඔට්ටු මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 28ක මුදලක් වංචා කළ බව පවසමින් පුද්ගලයකු පැමිණිල්ලක් සිදු කර ඇතැයි හොරණ වංචා විමර්ශන අංශය සඳහන් කරයි.



දින කීපයකට ඉහතදී තුරග තරග මධ්‍යස්ථානය වෙත ගොස් රුපියල් දෙලක්ෂ අනූදාසක මුදලක් ඔට්ටු ඇල්ලීමෙන් අනතුරුව තමන්ට රුපියල් ලක්ෂ 28ක මුදලක දිනුමක් හිමිවු බවත් එකී මුදල රිසිට් පත් තුනකින් රුපියල් ලක්ෂ විසි එකකට අධික මුදලක්, දෙකකට අධික මුදලක් සහ හතරකට අධික මුදලක් ආදී වශයෙන් ලැබුණු බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එකී මුදල් තමන් වෙත ලබාදීමට මුදල් අයකැමි වශයෙන් සිටි

කළමනාකරු සියලු කටයුතු සූදානම් කර මුදල් තොගේද මේසය මත තැබීමත් සමගම ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඔහු නැවත මුදල් තොගය ලාච්චුව තුළට දමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට තිබෙන බව පවසා මුදල් නොදී මගහැරිය බවත් එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව එම අංශය සඳහන් කරයි.

පැමිණිලිකරු කිරිඇල්ල මඩල පදිංචිකරුවෙකි.

හොරණ වංචා විමර්ශන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පක්ෂණ පවත්වයි.

    බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ