imran-khan-wife-remand

දැනටමත් සිරගතව සිටින පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් කාන් නඩු පිට නඩු නිසා හෙම්බත්ව සිටින අතර
පකිස්ථානයේ ප්‍රාදේශීය අධිකරණයක්  විවාහයට අදාළ නඩුවක් සම්බන්ධයෙන් , පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට  වසර හත බැගින් වූ සිර දඬුවම් පමුණුවා ඇත .

ඛාන් සහ බුෂ්රා බීබී යන දෙදෙනාටම පසුගිය සතියේ වෙන් වෙන් වශයෙන් වසර 14 ක සිරදඬුවමක් නියම කරනු ලැබුවේ තොෂකානා නමින් හැඳින්වෙන දූෂණ නඩුවක දී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ය.

බුෂ්රා බිබීගේ හිටපු සැමියා විසින් ගොනු කරන ලද “ඉස්ලාම් විරෝධී විවාහ නඩුව” සම්බන්ධයෙන් තීන්දුව සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලදී.



මෙය සතියක කාලයක් ඇතුළත ඛාන්ට දුන් තුන්වැනි දඬුවම විය. එය ලබා දී ඇත්තේ රාවල්පින්ඩි බන්ධනාගාරයේ පැවති නඩු විභාගයකදී වන අතර,  මෙම බන්ධනාගාරය තුළ ඔහු අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇති අතර විවිධ චෝදනා 100 කට වැඩි ප්‍රමාණයකට මුහුණ දී සිටී.

බිබීගේ පළම් විවාහයේ දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට දින 40ක් බලා නොසිටීම සම්බන්ධයෙන් වන “ඉද්දත්” නඩුවේ වරදකරු වීමෙන් පසුව ඛාන් මහතා වාර්තාකරුවන්ට පැවසුවේ , මෙම නඩුව තමා සහ තම බිරිඳ “නින්දාවට හා අපකීර්තියට” පත් කිරීම සදහා නිර්මාණය කර ඇති බවයි.

පකිස්තාන ඉතිහාසයේ එදා මෙදා තුළ   “ඉද්දත්” සම්බන්ධ නඩුවක් ආරම්භ වූ පළමු අවස්ථාව මෙය වන බවද ඛාන් පැවසීය.

පෙබරවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම දඩුවම් පමුණුවා ඇත. මේ නිසා ඛාන් මහතාට මැතිවරණය සදහා තරඟ කිරීම තහනම් කර ඇති නමුත් ඔහු ඡන්දදායකයින් අතර ජනප්‍රිය චරිතයකි.

සිවිල් සමාජය, විශේෂඥයින් සහ විශ්ලේෂකයින් විසින් මෙම තීන්දුව විවේචනය කළහ. කීර්තිමත් මාධ්‍යවේදියෙකු සහ විශ්ලේෂකයෙකු වන හමීඩ් මීර් පැවසුවේ,

"ඛාන් මහතාට ලබා දුන් මෙම තීන්දුව අධිකරණයට අපකීර්තියක්" ගෙන එන බවයි.

ඔහුට එරෙහි ව්‍යවස්ථාපිත විශ්වාසභංගයකින් පසුව ඛාන් මහතා 2022 වසරේ දී බලයෙන් පහ කරන ලද නමුත්, ඔහුට එරෙහිව ගෙන එන ලද නඩු සියල්ල දේශපාලනික පළි ගැනීම් බව පවසමින්  ඔහු සියළුම චෝදනා  ප්‍රතික්ෂේප කරයි.

ඛාන් මහතා නෙරපා හැරීමෙන් පසු,  ඔහුව බලයට ගෙන ආ බලවත් හමුදාවට පහර දීමට පටන් ගත් අතර , හමුදා ප්‍රධානියාට තමා සමග පෞද්ගලික අමනාපයක් ඇති බවට චෝදනා කළේය . පකිස්ථානයේ හමුදාව දේශපාලනයට මැදිහත් වන බවට දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා එල්ල වී ඇත.

ඛාන්ගේ පක්ෂ නායකයින් පක්ෂයෙන් වෙන්වී හෝ සිරගත වී සිටින අතර , පක්ෂ සේවකයින් දැඩි මර්දනයකට මුහුණ දී තිබේ. එළැඹෙන මැතිවරණ සඳහා ප්‍රචාරක කටයුතු කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන බවටත් ඔවුන්ගේ කම්කරුවන් සහ නායකයින් අත්අඩංගුවට ගන්නා බවටත් ඛාන්ගේ පක්ෂය රජයට චෝදනා කරයි.

ඛාන්ගේ සමීපතම සහකරු සහ මාධ්‍ය උපදේශක Syed Zulfikar Bukhari පැවසුවේ , ඛාන් සම්බන්ධයෙන් වන නවතම නඩුව ව්‍යාජ නඩුවක් බවත් , තමා විවාහයේ සාක්ෂිකරුවෙකු වූ බවත්ය.