internet-money-investment-fraud

අන්තර් ජාලය හරහා ව්‍යාපාර කටයුතුවලට ආයෝජනය කර වැඩි මුදලක් ලබාගත හැකි බව පවසා රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් බව කියන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.රත්මලාන උද්‍යාන පාර පළමු පටුමග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.





අදාළ පැමිණිලිකරු මුදල් තැන්පත් කළ පෞද්ගලික බැංකුවේ ගිණුමේ තොරතුරු අධිකරණ නියෝග මත ලබාගෙන සිදුකළ විමර්ශනවලදී සැකකාර පුද්ගලයාගේ ගිණුමට අසීමිත ලෙස මුදල් බැර වී ඇති බව අනාවරණය වී ඇත.අනතුරුව සැකකරු පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අන්තර් ජාලය හරහා දැන හඳුනා ගැනීමට ලැබුණු විදේශිකයකු ලබාදුන් උපදෙස් අනුව අන්තර් ජාලය හරහා ව්‍යාපාර කටයුතු සඳහා යැයි කියමින් විවිධ පුද්ගලයන් මේ සඳහා හවුල් කරගත් බව සැකකරු ප්‍රකාශ කර තිබේ. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි සැකකරු ජාවාරම සඳහා පුද්ගලයන් ඉතා පහසුවෙන් යොමු ඇතැයිද පොලිස් විමර්ශනවලදී කරවාගෙන අනාවරණය වී ඇත.

බිමල් ශ්‍යාමන් ජයසිංහ