journalists-moscow-military-mobilizatio

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මැතිවරණ විරෝධතාකරුවන්ට එරෙහිව බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද  මර්දනය ව්‍යාපාරයෙන් පසු, විදේශීය මාධ්‍ය සංවිධානවල මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයින් ගණනාවක් මොස්කව්හි රඳවාගෙන ඇති බව ස්වාධීන අලෙවිසැල් සෙනසුරාදා වාර්තා කළේය.

යුක්රේනයේ සටන් සදහා ගෙන ගිය තම ස්වාමිපුරුෂයන් සහ පුතුන් ආපසු සිය රට කරා රැගෙන එන ලෙස ඉල්ලා සිටින කාන්තාවන්ගේ ව්‍යාපාරයක් මධ්‍යයේ, මෙවැනි විරෝධතාවයක් සංවිධානය කරන ලද්දේ ,  රැදවුම් භාරයේ තබාගෙන සිටින පුරුෂයින්ගේ භාර්යාවන් විසිනි.



ඉදිරිපත් වී ඇති එක් වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ,  රුසියානු බලධාරීන් රතු චතුරශ්‍රය අසල “ප්‍රෙස්” කබා පැළඳ සිටි කිහිප දෙනෙකු රඳවාගෙන සිටින ආකාරයයි.

“දින 500 බලමුලු ගැන්වීම” නම් වූ මෙම රැලිය,  පුටින්ගේ ආසන්න මැතිවරණ සදහා සූදානම් වීමට පෙර,  ක්‍රෙම්ලිනයේ කාන්තාවන් ගෙන ආ බව වාර්තා විය.

රුසියානු මර්දනය නිරීක්ෂණය කරන කණ්ඩායමක් වන OVD-info ට අනුව, පොලිස් වෑන් රථයක් භාවිත කරමින්  අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු පමණ  , ඔවුන් දැනට රඳවා සිටින කිටේ-ගොරොඩ් ස්ථානයට ගෙන ගිය බව වාර්ථා වෙයි . OVD-info පැවසුවේ , තම කණ්ඩායම විසින්  රැඳවියන් බැලීමට නීතිඥයෙකු යැවූ නමුත්  ඒ සදහා ප්‍රවේශ වීමට අවස්ථාවක් නොදුන් බවයි.

ස්වාධීන රුසියානු මාධ්‍ය කණ්ඩායමක් වන Mediazona සෙනසුරාදා වාර්තා කළේ ,

අත්අඩංගුවට ගත් අය අතර Kommersant, France Pres සහ Spiegel හි සේවය කරන මාධ්‍යවේදීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ද සිටින බවයි.

රැලිය ආවරණය කරමින් සිටි තවත් මාධ්‍යවේදීන් හත් දෙනෙකු බාස්මන්නි පොලිස් ස්ථානයට රැගෙන ගිය බව OVD-info පවසයි. ඔවුන් අතර ජපාන රූපවාහිනී සමාගමක් වන "ෆුජි" හි නියෝජිත Andrei Zaiko සිටින බව ද ඔවුන් වාර්තා කරයි.

OVD තොරතුරුවලට අනුව , එක් රාජ්‍ය මාධ්‍ය සේවකයෙකු බාල වයස්කරුවන් තිදෙනෙකු සමඟ කිටේ-ගොරොඩ් රැදවුම් මධ්‍යස්තානයෙන් නිදහස් කර ඇති අතර,  පොලිස් නිලධාරීන් ඔවුන්ට පවසා ඇතිතේ ෆෙඩරල් සහ විදේශීය මාධ්‍යවල ඉතිරි සේවකයින් ඉක්මනින් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.  නමුත් 'විදේශීය නියෝජිතයින්ගේ' මාධ්‍ය නියෝජිතයින් පොලිසියේ තැබීමට සැලසුම් කර ඇති අතර , සියලුම රැඳවියන්ගේ දුරකථනද පැහැරගෙන ගොස් ඇත.

මාධ්‍යවේදීන් ඇතුළු යුක්‍රේනයට එරෙහි යුද්ධය විවේචනය කරන්නන් නිහඬ කිරීමට ක්‍රෙම්ලිනය ගත් පියවරක් වන , රුසියාවේ විදේශ නියෝජිතයින්ගේ නීතිය 2022 අගභාගයේදී පුළුල් කරන ලදී.