ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ Benoît Jacquot ට එල්ලවූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Judith Godreche නිළිය මෙම නඩුව පවරා තිබේ.

මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන  Godreche නිළිය , 77 හැවිරිදි Jacquot මහතා 1986 දී එවකට  14 වියේ සිටි තමාව දූෂණය කළ බවටත්, 1990 දශකය දක්වා පැවති සබඳතාවයේ පසුව ඇති වූ වැරදිවලටත් චෝදනා කරයි.

මෙම පැමිණිල්ල අඟහරුවාදා ඉදිරිපත් කර ඇති බව ඇයගේ නීතිඥවරයා පැවසීය.



Jacquot මහතා මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත.

ඇයගේ වෘත්තීය ජීවිතයේ මුල් භාගයේදී Godreche මහත්මිය , මෙම අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකක් වන The Beggars (1987) සහ The Disenchanted (1990) හි සිදු කරන ලද භූමිකාවන් සඳහා ප්‍රසිද්ධියට පත් වූවාය.

Godreche මහත්මියගේ පැමිණිල්ල පැරිසියේ බාල වයස්කාර ආරක්ෂක බළකාය වෙත ඉදිරිපත් කර ඇති බව ඇයගේ නීතිඥ Laure Heinich පැවසීය.

Judith Godreche විසින් චිත්‍රපට ගණනාවක් නිර්මාණය කර ඇති අතර ඒවායින් The Overnight (2015), The Spanish Apartment (2002) සහ The Man in the Iron Mask (1998) යන චිත්‍රපට වඩාත් ප්‍රසිද්ධත්වයට පත් විය.  

Benoît Jacquot 1970 ගණන්වල මැද භාගයේ සිට චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත.