ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්චේරියක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ යැයි කියන ග්‍රැෆික් ඩිසයිනර් හා ඔහුගේ ගෝලයා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15) නියෝග කළේය.
සැකකරුවන් සමග ව්‍යාජව මුද්‍රණය කෙරුණ ජාතික හැඳුනුම්පත් 20ක්, රියැදුරු බලපත් 36ක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම් කාඩ් රාශියක් හා කූට ලෙස සැකසූ රජයේ ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කඩවත පදිංචි රොෂාන් ඩයස් සහ ඔහුගේ ගෝලයා වන ඉන්දික සඳරුවන් නැමැති දෙදෙනෙකි. රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අඩංගුවට ගැනුණු බවත්, විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.සැකකරුවන් පුද්ගලයන්ට අවශ්‍ය ඕනෑම ලිපි ලේඛනයක් සකසා දී තැරැව්කරුවන් මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්,
වට්ස්-ඇප් හා ෆෙස්බුක් සමාජ ජාලා හරහා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවටත් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුචිර දේවප්‍රිය මහතා අධිකරණයට කියා සිටියේ පරිගණක දැනුම පිළිබද ඉහළ පරිචයක් ලබා ඇති සැකකරු සිය රැකියාව අහිමිවීමෙන් පසු මෙම සිද්ධියට ගොදුරු වීඇති බවය.දරුවන් දෙදෙනකුගේ පියෙකු වන ඔහුගේ වැඩිමහල් දරුවා මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ඇති බවත්,අනික් දරුවා පාසලට ඇතුළත් කිරීමට නියමිත බැවින් සුදුසු ඇපයක් නියම කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 29 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
රෝෂන් තුෂාර
0 Comments