කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට 16 වනදා ඛන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් ආ අතර අධිකරණ සිර මැදිරියේදී ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් එහි නොසන්සුන්තාවක් ඇතිවිය.
පසුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වීමෙන් ගැටුම පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවැසීය.
බන්ධනාගාරයේ සිට බස් රථ තුනකින් සිරකරුවන් පිරිසක් රැගෙන විත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී දෙපිරිසක් අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇත.
එම අවස්ථාවේදී සිර මැදිරියේ සිරකරුවන් සියයකට වැඩි පිරිසක් රඳවා සිට ඇතැයි කියති.
ගුටි බැට හුවමාරුව සිදු වූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු එම සිර මැදිරියට ගොස් ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත.
මේ සිද්ධිය හේතුවෙන් අධිකරණ කටයුතු විනාඩි කිහිපයකට නවතා දැමීමටද සිදුවිය.
අධිකරණයට පැමිණි බාහිර පිරිස් අධිකරණයෙන් පිටතට යොමුකර බන්ධනාගාරයෙන් රැගෙන පැමිණි සිරකරුවන් පිළිබඳ නඩු විභාගයට ගැනීම අනතුරුව ආරම්භ කර ඇත.
සිරකරුවන් පිරිසක් ඉක්මනින්ම බන්ධනාගාරයට රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
දිවා ආහාර විවේක කාලයෙන් පසුව සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු ආරම්භ වූ බවත් අධිකරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් කඩුවෙල පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි
0 Comments