අරණායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු අරණායක පොලිසිය මඟින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන මැවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා නියෝග කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අරණායක උස්සාපිටිය, පොල්අඹේගොඩ පදිංචි 45 හැවිරිදි කමල් ධර්මවංශ නමැති වෛද්‍යවරයෙකි.
සැකකාර වෛද්‍යවරයා ඉකුත් 06 වැනිදා අරණායක ප්‍රාදේශීය රෝහලේ කාමරයකදී රාජගිරිය පදිංචි කාරියක බව කියන 28 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කර තිබේ. පසුව වෛද්‍යවරිය රාජගිරියේ නිවසේ පදිංචිව සිටින සිය පියාට ඒ බව දන්වා ඇති අතර පියා කෑගල්ලට පැමිණ කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පෙරේදා (07) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුව කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අරණායක පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව අරණායක පොලිසිය මඟින් වෛද්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. වෛද්‍යවරිය ඊයේ (08) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි. පැමිණිල්ලෙන් පසුව සැකකාර වෛද්‍යවරයා තාවකාලිකව පදිංචිව සිටි අරණායක ප්‍රාදේශීය රෝහලේ නේවාසිකාගාරයකට පෙරේදා (07) පොලිස් අරක්ෂාව ලබා දී තිබුණු අතර ඊයේ (08) සැකකාර වෛද්‍යවරයා අරණායක පොලිසියට රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරයා රෝහල ආසන්නයේ ඩිස්පැන්සරියක්ද පවත්වා යන්නෙකි. ඔහුගේ පළමු බිරිය වන හෙද නිලධාරිනිය හැරගොස් ඇති බවත් පසුව ඔහුගේ දෙවැනි බිරිය වන හෙද නිලධාරිනියගේ උස්සාපිටිය පොල්අඹේගොඩ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවසීය.
ඔහු කුරුණෑගල ප්‍රදේශයේ උපන් අයකු බවත් පොලිසිය පැවසීය.විසිඅට හැවිරිදි අදාළ වෛද්‍යවරිය වෙනත් රෝහලක සිට ස්ථාන මාරුවක් ලබා ඉකුත් (05) අරණායක දිසා රෝහලේ සේවය සඳහා පැමිණ ඇති බව ද සඳහන්ය.
ඇයට අතවරය සිදුවන්නේ පැමිණ දින තුනක් ගතවූ දිනයේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්ත යන නිලධාරින්ගේ ඍජු අධීක්ෂණය යටතේ අරණායක පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.
0 Comments