keheliya-medicine

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට ඛෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ

රෝගී තත්වයන් සඳහා ඔහු පාවිච්චි කරන විදේශීය ඖෂධ වර්ගම පාවිච්චි කිරීමට

බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූ කෙහෙළිය රඹුක් වැල්ල මහතා යම් යම් රෝගී තත්වයන් හේතුවෙන් ඖෂධ වර්ග 08ක් පමණ පාවිච්චි කරනු ලබයි. කාලයක් තිස්සේ ඔහු පාවිච්චි කරනු ලබන විදේශීය ඖෂධ වර්ගම බන්ධනාගාරය තුළදීත් ඔහුට පාවිච්චි කිරීමට අවසර දෙන්නැයි ඔහු මෙලෙස අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.
 මනෝප්‍රිය ගුණසේකර