
ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලය පැවැති කාලයේ ලංකාවේ රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කේලිග් ෆ්‍රේසර් නමැත්තියගේ වීසා අවලංගු කොට, ඇයට රටින් පිට විය යුතු යැයි ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය සිය නීතිඥයා මාර්ගයෙන් ගොනු කොට තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය,
ඇයට රුපියල් 250,000ක මුදලක් නඩු ගාස්තු ගෙවන ලෙසට ද නියෝග කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.තීන්දුවේ මෙසේ සඳහන් වේ.
“නේවාසික වීසා මත මෙරට රැඳී සිටිපෙත්සම්කාරියට නිකුත් කර තිබූ වීසා බලපත්‍රය 2022 අගෝස්තු 15 වැනිදා අවලංගු කළ ආගමන හා විගමන පාලකවරයා ඇයට රටින් පිට වන ලෙසට නියෝග කර ඇත.
ඉන් පසු පෙත්සම්කාරිය ඊට එරෙහිව පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ද, එය නිෂ්ප්‍රභ කර ඇති අතර, ඉන් අනතුරුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.පෙත්සම විභාගයට ගැනීමේදී පෙත්සම්කාරිය ඉදිරියේ කළ දිවුරුම් ප්‍රකාශය නීතියට පටහැනි බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගෙන මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට රුපියල් 250,000ක මුදලක් නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග කළේය."
රංජන් කටුගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval