kenya-incident

මීට වසරකට පමණ පෙර ළමුන් 191 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙන්යානු ක්‍රිස්තියානි ආගමික නායක Paul Nthenge Mackenzie සහ තවත් සැකකරුවන් 29 දෙනෙකුට Malindi එරට මහාධිකරණය විසින් චෝදනා ගොනු කරන ලදී.



පසුගිය වසරේ නැඟෙනහිර කෙන්යාවේ ෂකාහෝලා වනාන්තරයෙන් ළමුන්ගේ සිරුරු ගොඩගනු ලැබූ අතර එහිදී Mackenzie සහ ඔහුගේ සගයන් මරණය උත්තරීතර ලෙස සලකන ආගමක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී තිබේ. මාස ගණනක සෝදිසි මෙහෙයුමකින් පසු බලධාරීන් විසින් සිරුරු 400 කට අධික ප්‍රමාණයක් මෙම වනාන්තරයෙන් ගොඩ ගන්නා ලදී.



Mackenzie සහ අනෙකුත් 29 දෙනා චෝදනාවලට වැරැදිකරුවන් බව පිළිගත් අතර,  එක් සැකකරුවෙකු නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව නුසුදුසු බව සොයා ගන්නා ලදී.

ත්‍රස්තවාදය, මනුෂ්‍ය ඝාතන සහ ළමා හිංසනය ඇතුළු තවත් චෝදනා කිහිපයකට Mackenzie ට මුහුණ දීමට සිදු වන අතර, ඔහුගේ නඩු විභාගය මාර්තු 7 වැනිදා ආරම්භ වේ.

ගුඩ් නිවුස් ඉන්ටර්නැෂනල් පල්ලිය මෙහෙයවූ Mackenzie ට, ලෝක විනාශයේ ඇදහිල්ලක් මෙහෙයවන බවට චෝදනා එල්ල වී ඇත.  මෙම ඇදහිල්ල තුලින් ඔහු තම අනුගාමිකයින්ට ස්වර්ගයට යාමට හැකි වන පරිදි කුසගින්නෙන් මිය යන ලෙසට උපදෙස් ලබා දී ඇත .



විමර්ශකයින් චෝදනා කරන්නේ Mackenzie ගේ උපදෙස් යටතේ මෙම අනුගාමිකයින් ලෝක විනාශය සඳහා සූදානම් වෙමින් සිටින බවටයි. විමර්ශකයින් සාක්ෂි සෙවීම සදහා වනාන්තරය තුළ මාස ගණනක් ගත කළ නිසා,  Mackenzie පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්අඩංගුවේ පසුවේ .

මරණ පරීක්‍ෂණ ප්‍රතිඵලවලින් පෙනී ගියේ ගොඩගත් සිරුරු බොහොමයක් සාගින්නෙන් මිය ගොස් ඇති බවත්, තවත් පිරිසකගෙන් ගෙල සිරකිරීමේ සලකුණු දක්නට ලැබූ බවත්ය.

පසුගිය මාසයේ, රජයේ අභිචෝදකයාට Mackenzie එරෙහිව චෝදනා ඉදිරිපත් නොකළහොත් ඔහුව නිදහස් කරන බවට උසාවිය තර්ජනය කළේය. මිය ගිය පිරිසගේ බොහෝ සිරුරු දැඩි ලෙස දිරාපත් වී තිබීම හේතුවෙන් DNA මගින් වින්දිතයින් හඳුනාගැනීමේ දීර්ඝ ක්‍රියාවලියකට මුහුණ දුන් බව නඩු පවරන්නන් පැවසීය.