lakmini-bogamuwa-death

තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා හදිසි රිය අනතුරකට ලක්ව මියගිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා අංශයේ සහකාර කථිකාචාරිය - ලක්මිණි චූලොත්තමා බෝගමුව මෙනවියගේ මරණය හිස් කබලට හා මොළයට සිදු වූ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ

අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ අධීක්ෂණය යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙහෙයවූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත ගමගේ මහතා පැවැසීය.

ඉදිරිපත් වූ කරුණු අනුව හා මළ සිරුරේ දක්නට ලැබෙන මතුපිට තුවාල අනුව රථවාහන අනතුරකින් මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළ හැකි බව වෛද්‍ය ලසන්ත ගමගේ මහතා පවසයි.



මුහුණේ හා දකුණු අත් වල සුළු සීරීම් ද, හිසේ පිටුපස සමේ සීරීමක් ද, තුවාලයක් ද මතුපිටින් දැකිය හැකි බවත්, අභ්‍යන්තර හිස් කබලේ පහළට පැල්මක් ද, එහි තැන් කිහිපයක පිපිරීම් ද, එනම්, ප්‍රධාන පිපිරීම් එකක් හා අනු පිපිරීම් දෙකක් ද සිදු වී ඇතැයි ද, නහයෙන් ලේ ගලාගොස් ඇත්තේ එම නිසා බව ද වෛද්‍ය ලසන්ත ගමගේ මහතා පැවැසීය.

ඒ අනුව, මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර ගැලීම සහ හිස් කබලේ පහළ ප්‍රදේශයේ සිදු වූ භග්න (බිඳීම්) නිසා මොට බලයකින් ඇති වූ තෙරපුමක් නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළ හැකි බව වෛද්‍ය ලසන්ත ගමගේ මහතා පවසයි.

කොළඹ - ජනක ජයසිංහ


CCTV පහතින්
සිදුවීමට අදාළ පෙර විස්තරය
කොළඹ සරසවි කථිකාචාර්යවරිය ලක්මිණි තලවතුගොඩදී ලොරියක හැපී නිසලවූවාය