madampe-incident

තමාට පහර දුන් අයකු අත්අඩංගුවට නොගන්නේ යැයි චෝදනා කරමින් මාදම්පේ නව නගරයේ ඔරලෝසු කණුවේ වහලය මතට නැගී උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයකු 16 දා එම වහලය කඩාගෙන බිමට වැටී බරපතළ තුවාල ලබා ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.

තුවාල ලබා මෙසේ රෝහල් ගත කෙරුණු කරුපයියා බාබු නමැති මෙම පුද්ගලයා මාදම්පේ මැල්ලවගාර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.



මේ තැනැත්තා වහල මත නැග සිටියදී වහලය කඩාගෙන වීදුරු ආවරණයකට වැටීමෙන් වීදුරුවලට කැපීමෙන් බරපතළ තුවාල ලබා ඇත.

ඔහු වීදුරු ආවරණය සහිත ස්ථානයේ වැටී සිටියදී මාදම්පේ පොලිසිය සහ සභාවේ නඩත්තු අංශයේ වී ඉනිමඟක සහ කඹයක හලාවත ප්‍රාදේශීය නිලධාරීන් මැදිහත් ආධාරයෙන් පහතට ගෙනැවිත් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු විශාල පිරිසක් මාදම්පේ නව නගරයේ ඔරලෝසු කණුව අසලට එක් රොක් වී සිටිනු දැකගත හැකිවිය.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති සමන් ඒකනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


මාදම්පේ එස්. හේරත් සහ ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ