mahela-avishka-ananda-nalanda
සුලෝහිත සංග්‍රාම ඉතිහාසයට අලුත් අත්දැකීමක් ලබා දෙමින් නාලන්දාවේ මහේල ජයවර්ධන ආනන්ද ක්‍රිකට් පිලේ පුහුණුකරු බවට පත්වී පුහුණු සැසියක් පවත්වයි. එමෙන්ම ආනන්ද විදුහලේ අවිශ්ක ගුණවර්ධන නාලන්දා පිලේ තාවකාලික පුහුණුකරුවකු බවට පත්වී එම ක්‍රීඩකයන්ට ඊයේ පුහුණුවක් ලබා දුන්නේය.

ලබන මාර්තු 2සහ 3 දෙදින තුළ කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් මේ දිනවල ආනන්ද සහ නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයෝ පුහුණුවීම්වල නිරත වී සිටිති.

එම පුහුණු සැසි අතරතුර මහේල හා අවිශ්ක තම විදුහල් දෙකේ සහෝදරත්වය නංවාලීමේ අරමුණින් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගි වූහ.