මුදල් අමාත්‍යාංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිනේ රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය.මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී
මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරැදි බව ඔවුන් ම පිළිගත් බවද සඳහන් කළේය.ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.ඛනිජ තෙල් සංස්ථාව ජනවාරියේදී බිලියන 21ක බදු ආදායමක් එකතු කර ඇති අතර එම මුදලින් රුපියල් බිලියන 9.5ක් මූල්‍ය අරමුදලේ කොන්දේසි අබිබවා මිනිසුන්ට බදු ගහන්නේ මන්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ඉන්ධන මෙතරම් වැඩි කළ යුතු නැතැයිද එලෙස අධික බදු පැනවීමෙන් අවුරුද්දට බිලියන 115ක් වැඩිපුර එකතු වන්නේ යැයිද කීය.
ජනාධිපතිවරයා නොමඟ යවන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් බව කී මන්ත්‍රීවරයා රාජ්‍ය බැංකුවලට බිලියන ගණනින් ණය පොලු තැබූ අය කෙන්යාවේ තේ වතු ගෙන සැපට හිදින නමුත් මුදල් අමාත්‍යංශය ඒවා ගැන කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.බදු බර සැහැල්ලු කොට බඩු මිල අඩු කිරීම සඳහා මාර්තු මාසයේදී බදු සංශෝධනයක් කරන බව ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ යැයිද වැට් බද්ද යළි සියයට 15කට ගෙනෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කීය.
අංජුල මහික වීරරත්න
0 Comments