malaysia-king-billionare

මැලේසියාව යනු ලෝකයේ පවතින එකම භ්‍රමණය වන රාජාණ්ඩු ක්‍රමය ලෙස විශ්වාස කරන අතර , එම රාජාණ්ඩුවේ නව රජු ලෙස සුල්තාන් ඊබ්‍රාහිම් දිවුරුම් දී තිබේ.

1957 දී මැලේසියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු වාර්ගික මැලේ රාජ්‍ය පාලකයන් නව දෙනෙකු වසර පහක ධුර කාලයක් සඳහා මාරුවෙන් මාරුවට රජ වී ඇත.



සුල්තාන් ඉස්කන්දාර්ගෙන් පසු හිස් වූ තනතුර පිරවීමට සුල්තාන් ඊබ්‍රාහිම් පත් වන නමුත් මෑත වසරවල රටේ කැඩී බිඳී ගිය දේශපාලන භූ දර්ශනය තුළ දැඩි ලෙස ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙයි.  දේශපාලන අස්ථාවරත්වය මැඩපැවැත්වීම සඳහා කලාතුරකින් භාවිතා කරන ලද අභිමත බලයන් භාවිතා කිරීමට රජු පොළඹවයි.

මෑත වසරවල ආණ්ඩු බිඳවැටීමෙන් සහ පශ්චාත් මැතිවරණයෙන් පිහිට වූ පාර්ලිමේන්තුවකින් පසු තුන් වතාවක් අගමැතිවරුන් නම් කිරීමට රාජකීය මැදිහත්වීම අවශ්‍ය විය.



දෙසැම්බර් මාසයේ සිංගප්පූරුවේ ද ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 65 හැවිරිදි ඔහු පැවසුවේ “රූකඩ රජෙකු” වීමට තමා කැමති නැති බවයි. “පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් 222ක් ඉන්නවා. පිටත මිලියන 30කට වැඩි ජනගහනයක් ඉන්නවා. මම නීති සම්පාදකයින් සමග නොව මිලියන 30 සමඟ සිටිමි, යැයි ඔහු සඳහන් කර ඇත.

සමාව දීමේ බලය ද රජු සතු වන අතර,  2018 දී ඊබ්‍රාහිම්ගේ පූර්වගාමියෙකු වන V සුල්තාන් මුහම්මද් , ලිංගිකත්වය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳි  දැන් මැලේසියාවේ අගමැති වන අන්වර් ඊබ්‍රහිම්ට සමාව දුන්නේය.



ප්‍රධාන දේශපාලන පත්වීම් අධීක්‍ෂණය කිරීමට අමතරව, රජු මුස්ලිම් බහුතරයක් සිටින රටේ ඉස්ලාම් ආගමේ නිල ප්‍රධානියා ලෙසත් එහි සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ලෙසත් කටයුතු කරයි.

ඔහුගේ විශාල සුඛෝපභෝගී මෝටර් රථ සහ යතුරුපැදි එකතුව සමග සිදු කරනු ලැබූ ඇස්තමේන්තු ගත කිරීම තුළින්,  සුල්තාන් ඊබ්‍රාහිම් සහ ඔහුගේ පවුලේ අය සිංගප්පූරුවේ ඉඩම් සහ ෆාම් ඔයිල්, දේපළ වෙළඳාම් සහ විදුලි සංදේශ ඇතුළු විවිධ සමාගම්වල ආයෝජන ඇතුළුව අවම වශයෙන් ඩොලර් බිලියන 5.7 ක් පමණ වත්කමකට හිමිකම් කියන බව වාර්ථා වෙයි.

මැලේ-බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සුල්තාන් ඊබ්‍රාහිම්, කුඩා පෞද්ගලික හමුදාවකට අණ දෙන ප්‍රධානියා වන බලවත් ජොහෝර් රාජකීය පවුලට අයත් වේ.

ඔහු රටේ අගමැති වන අන්වර් සමඟ සමීප සබඳතාවක් පවත්වන අතර මැලේසියානු දේශපාලනය සහ දූෂණය පිළිබඳව විවෘතව කතා කර ඇත.



සුල්තාන් ඊබ්‍රාහිම් ආගමික මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සැලකේ. 2017 දී, ඔහු මුස්ලිම් නොවන අයට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් සමාව අයැදින ලෙස රෙදි සෝදන හිමිකරුවෙකුට නියෝග කළේය.

ඔහු මීට පෙර දී හාලි-ඩේවිඩ්සන් යතුරුපැදියකින් ජොහෝර් නගරය වටා වාර්ෂිකව සංචාරය කරමින් දුප්පතුන්ට පුණ්‍යාධාර ලබා දී ඇත.

මැලේසියාව තුළ රජුට නිග්‍රහ කිරීම සඳහා විවේචනය කිරීම සිරගත වීමට හේතු විය හැක.