malwana-house-ministry-law

හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් 2015 වර්ෂයේ අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබූ දොම්පේ මල්වානේ කැලණි ගඟට මායිම්ව අක්කර 16 ක පොල් වත්තක් මැද පිහිටි සුවිසල් නිවස සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති නීතිඥ විජයදාස රාප්පක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පස්වරුවේ එම නිවාස පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සිදුවිය. එහිදී අදහස් දැක්වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ  මහතා මෙසේ පැවසීය.



"මහජනතාවගේ  වත්කම් අරගලයේ නාමයෙන් ගිනිබත් කර තිබෙනවා. 2015 වර්ෂයේ  අධිකරණය විසින් මෙම ඉඩම සහිත නිවස අධිකරණ අමාත්‍යාංශයට පැවරුවා. මීට අයිතිකරුවකු නොමැති නිසා වන්දී  මුදලක් ගෙවීමක් සිදුවන්නේ නැහැ. මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර කලින් යෝජනා කළ පරිදි මේ ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. දැනට ආසියාවටම එවැනි පුහුණු මධ්‍යස්ථානයක්  නැහැ.එම යෝජනාව සපල නොවුණහොත් මේ ස්ථානයට සුදුසු ව්‍යාපෘතියක් හැකි ඉක්මතින්ම ක්‍රියාත්මක කරනවා”අධිකරණ ආමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ