
පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් නමැත්තා ඩුබායි සාජාහිදී පෙරේදා (26) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරටින් ලැඛෙන ආරංචි මාර්ග සදහන් කරයි.මන්නා රමේෂ් නමැත්තා සමග ඔහු ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඩුබායි රටෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
එ රටෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මන්නා රමේෂ් නමැත්තාට එරෙහි පාතාල කල්ලි නායකයකු දුන් තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයිද කියති. අවිස්සාවේල්ල සහ තදාසන්න ප්‍රදේශවල මන්නා රමේෂ්ගේ නායකත්වයෙන් යුතුව පාතාල කල්ලියක් ක්‍රියාත්මක වූ අතර, මෙම කල්ලිය මනුෂ්‍ය ඝාතන,
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ ව්‍යාපාරවල නිරතව සිටින පුද්ගලයන් බිය ගන්වා කප්පම් මුදල් ලබා ගැනීම ඇතුළු මැර ක්‍රියා ගණනාවක් සිදු කර තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පාතාල මර්දන පොලිස් කණ්ඩායම් මන්නා රමේෂ් නමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු ඩුබායි රටට පලාගොස් සැඟවී සිට පසුව බිරිඳ ද ඒ රටට ගෙන්වාගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම පාතාල කල්ලියේ ගෝලයෙක් පසුගිය වසරේ පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මැරුම් කෑවේය.ම
ෙම සිද්ධිය මුල් කර ගනිමින් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කරන බවට මන්නා රමේෂ් නමැත්තා ඩුබායි සිට දුරකථන ඇමතුම් දී තර්ජනය කර තිබිණි යැයිද පොලිසිය කියයි. සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මොහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු රහස් පොලිසියේ ජාත්‍යන්තර ඒකකයට දැනුම් දී තිබිණි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval