mark-sukerberg-apology

මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, එක්සත් ජනපද සෙනෙට් සභාවේදී උණුසුම් නඩු විභාගයක් අතරතුර, සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් සමාව අයැද  ඇත.




එසේම ඔහු සහ TikTok, Snap, X සහ Discord හි ප්‍රධානීන් දෙපාර්ශවයේම සෙනෙට් සභිකයින් විසින් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.

සැබවින්ම නීති සම්පාදකයින්ට අවශ්‍යව තිබුනේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට ඔවුන් කරන්නේ කුමක්ද යන්න දැන ගැනීමටය.

මෙවැනි තාක්ෂණික ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම එක්සත් ජනපද සෙනෙට් සභිකයින්ටද දුර්ලභම අවස්ථාවක් වී ඇත.



මෙහිදී Zuckerberg මහතා සහ TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට එකඟ වුවද Snap, X (කලින් Twitter) සහ Discord හි ප්‍රධානීන් එය ප්‍රතික්ෂේප කර ඇත.

විශේෂම දෙය වන්නේ සමාජ මාධ්‍ය වල ප්‍රතිඵලයක් ලෙස තම දරුවන්ට ස්වයං-හානිකර හෝ සියදිවි නසාගත් බව පැවසූ පවුල් මෙම තාක්ෂණ ප්‍රධානීන් පස්දෙනා පිටුපස වාඩි වී සිටීමය.

එසේම නඩු වාරයට ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු වූ විට ඝෝෂා කරමින් සහ නීති සම්පාදකයින් විසින්  දැඩි ප්‍රශ්න අසන විට එම පවුල් වල පුද්ගලයින්  අත්පොළසන් දෙමින් තම වේදනාව පිට කර ඇත.


නඩු විභාගයේ ප්‍රධාන අවදානයක් යොමු වුයේ  ලිංගික සූරාකෑමෙන් ළමයින් ආරක්ෂා කිරීම කෙරෙහිය.

එසේම TikTok හි Chew මහතාගෙන් ඔහුගේ සමාගම එක්සත් ජනපද පරිශීලකයින්ගේ දත්ත චීන රජය සමඟ බෙදා ගත්තේ දැයි විමසූ අතර ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් ඔහු TikTok භාවිතය සම්බන්ධව පවසා තිබුනේ ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස මෙම සාකච්ඡා කරන ගැටළුව  භයානක බවත් ,එය සෑම දෙමාපියෙකුගේම බියකරු සිහිනයක් බවත් ,ඔහු සිංගප්පූරුවේ ජීවත් වන බවත් එහෙයින් ඔහුගේ දරුවන් TikTok භාවිතා නොකරන බවත් ය.


තත්වය කෙසේ වුවද එහෙත් අටවැනි වරටත් කොංග්‍රසය හමුවේ සාක්ෂි දුන් මෙටා හි ප්‍රධාන විධායක සකර්බර්ග් මහතා වඩාත් අවධානයට ලක්වී ඇත.

එක් අවස්ථාවක රිපබ්ලිකන් සෙනෙට් සභික ටෙඩ් කෲස් සකර්බර්ග් මහතාගෙන් විමසා සිටියේ ඔබ කල්පනා කරමින් සිටින්නේ කුමක්ද යන්නයි.

එහිදී සකර්බර්ග් මහතා පිළිතුරු දී ඇත්තේ මෙම සමාජ මාධ්‍යය අවහිර කර දැමීමට වඩා එයින් ප්‍රයෝජනවත් යමක් දරුවන්ට කළහැකි ලෙස ඔවුන්ව යොමු කිරීම කාලෝචිත බවයි.



එසේම ඒ පිලිබදව තමා  පෞද්ගලිකව සොයා බලන” බවද ඔහු පොරොන්දු වි ඇත.

කෙසේවෙතත් නඩුවාරය අතර තුර ඔහු නැගිට ප්‍රේක්ෂකයින් දෙසට හැරී ,ඔබ සැමට සිදු වූ සියල්ල ගැන කණගාටුව පළකරනවා සේම එය ඉතා භයානක තත්වයක් බව ඔහු පිළිගන්නා බවද කියා සිට ඇත.

සෙනෙට් සභිකයින් මෙම නඩුවේ  ප්‍රගතියක් නොමැතිකම ගැන කලකිරී ඇත.

නඩු විභාගයේ අරමුණ වුයේ කොංග්‍රසය හරහා දැනට ක්‍රියාත්මක වන නීති සම්පාදනය සඳහා සමාගම් දක්වන ආකල්පය දැනගැනීම  වන අතර මෙය සැකසෙන  ලද්දේ ඩිස්කෝඩ්හි ජේසන් සිට්‍රෝන් සහ රිපබ්ලිකන් නීති සම්පාදක ලින්ඩ්සේ ග්‍රැහැම් අතර ඇති වූ වචන හුවමාරුවකිනි.


මෙහිදී ග්‍රැහැම් මහතා සබැඳි ආරක්‍ෂාව සම්බන්ධ කොන්ග්‍රසය හරහා යන බිල්පත් ගණනාවක් ලැයිස්තුගත කර, Citron මහතා ඒවාට සහය දුන්නේද නැද්ද යන්න විමසා ඇත.


අවසන ග්‍රැහැම් මහතා ප්‍රකාශ  කර ඇත්තේ ඉතින් ඔබ  මේ අය ප්‍රශ්නය විසඳන තෙක් බලා සිටින්නේ නම්, අපි බලා සිටිමින් මැරෙන්නෙමු". යනුවෙනි.

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශ්ලේෂක Matt Navarra පවසා ඇත්තේ සමාජ මාධ්‍යය වේදිකාවන් නියාමනය කිරීම සඳහා ද්විපාර්ශ්වික නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ගැන සෙනෙට් සභිකයින් එකඟ වුවද, ඊළඟට කුමක් සිදුවේද යන ප්‍රශ්නය තවමත් අපැහැදිලි බවයි.

වැඩි දුරටත් ඔහු පවසා ඇත්තේ මෙම ප්‍රශ්නය බොහොමයක් වාරයක් ඇති වී තිබුණද මේ දක්වා කිසිදු සැලකිය යුතු රෙගුලාසියක් ගෙන නොමැති බවයි.

එසේම ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ අප 2024 ජිවත් වුවද සමාජ මාධ්‍ය සමාගම් සම්බන්ධයෙන් නඩු විභාගයේදී එයට ප්‍රායෝගිකව කිසිදු නියාමනයක් නොමැති බවයි.



Meta සහ TikTok,සමාජ මාධ්‍යය  වේදිකා නියෝජනය කරන විශාල පරිශීලක සංඛ්‍යාව සමඟ, ඔවුන් සතුව පරිපාලකයින් 40,000 බැගින් සිටින බව ඔහු පවසා ඇත.

තවද Snap හි  2,300 ක්, X 2,000 ක් සහ Discord හි සිය ගණනක්  පරිපාලකයින් සිටින බව පවසා ඇත.

Discord යනු පණිවිඩ හුවමාරු සමාජ මාධ්‍යය  වේදිකාවක් වන අතර එය හරහා ළමා අපචාර හඳුනාගෙන එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව මීට පෙරද  ප්‍රශ්න කර ඇත.

නඩු විභාගයෙන් පසු, සමහර දෙමාපියන් සමාගම් වගවීම සඳහා නීති සම්පාදනය කිරීමට හදිසි නීති සම්මත කරන ලෙස නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිට ඇත.

2019 මැයි මාසයේදී තම මිය ගිය පුතා පිලිබදව ජොආන් බෝගාඩ්  පවසා ඇත්තේ මෙයින් සිදුවන හානිය සුළු පටු නොවන බවත්,එය එක රයකින් සිදුවිය හැකි බවත් ය.එසේම සාක්ෂි මෙතරම් තිබියදී දැන් අපගේ නීති සම්පාදකයන්ට ළමා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කිරීමට කාලය පැමිණ ඇති බව
 ඇය පවසා ඇත.


2023 නොවැම්බරයේ කොන්ග්‍රසයට සාක්ෂි දුන් හිටපු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන අර්තුරෝ බෙජාර් ද එහි සිටි අතර ඔහු පවසා සිටියේ මෙටා යෞවනයන් සඳහා දෙමාපියන්ට ආරක්ෂිත පරිසරයක් සැපයීම සඳහා ඔවුන්ගේ වගකීම කේවල් කරන බවයි.නමුත් එයට පිළිතුරක් හෝ සහනයක් නිසි අයුරින් ලබා නොදෙන බවයි.

කෙසේනමුත් මෙම චෝදනා සියල්ලම අවසානයේ , මෙටා පවසා ඇත්තේ  අන්තර්ජාලය හරහා යෞවනයන්ට  ආරක්ෂිත පරිසරයක් සැකසීමට ඔවුන්   "මෙවලම් 30 කට වඩා" ගෙන ආ බවයි.