
මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් ඇතැයි අද උදෑසන වාර්තා විය.
අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම නිවසට ඇතුළු වී ඇති බව පැවසෙන අතර එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි
පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඇති බව කියැවේ.
බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේ දීම මිය ගොස් තිබෙන අතර ඒ සමග මියගිය අය එතැනම දමා කොල්ලයද අතහැර
සෙසු කොල්ලකරුවන් දෙදෙනා පළා ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි. මියගිය අය කවුරුන්ද යන්න සහ පැමිණි අනෙක් අය කවුරුන්ද යන්න ගැන සෙවීමට පොලිසිය විමර්ශන අරඹා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval