
දින දහයක් වයසැති බිලිඳාට මවුකිරි දීමට නොහැකිවීම හේතුවෙන් සිත්තැවුලට පත් මවක නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් පෙරේදා (10) වාර්තා විය. එම කාන්තාව පසුගියදා මුලතිව් රෝහලේ දී සිය කුළුඳුල් දරුවා බිහිකර ඇත.
කිරි නොමැතිව දරුවා හඬන අයුරු අසා සිටීමට නොහැකිව ඇය ළිඳට පැන දිවි නසාගෙන ඇති බව විමර්ශන වලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ, පුදුකුඩිඉරිප්පු, 09 වන පටුමඟ පදිංචි ඩෙනිස්ටන් කීර්තනා නමැති 29හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව දරුවා බිහි කිරීමෙන් අනතුරුව දින 11 ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා පසුගියදා නිවෙසට පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුලතිව් රෝහලට රැගෙන යනු ලැබීය. පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිතුම් චතුරංග
Comments
Post a Comment
Your comment will be visible after approval