nawagamuwa-incident
නවගමුවේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු දුරකථන අංකයක් සඳහන් කර මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ ව්මර්ශන ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


එම මල්වඩමේ අප අතරින් වෙන් වී යන (ව්‍යාපාරිකයාගේ නම) නිවන් සුව'


යනුවෙන් විශාල අකුරින් හා අවසන් ලියුමයි ඔබට ලියන්නේ' යනුවෙන් කාඩ්බෝඩ් කැබැල්ලක සඳහන් කර මල්වඩමේ රඳවා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අපරාධ කල්ලි සාමාජික යමන් සපුගේ මනෝජ් මුතුකුමාර නොහොත් මුතු යන අය විසින් මෙම ව්‍යාපාරිකයා අතුරුගිරියට මුදල් ලබාදෙන බවත් (එස් අතුරුගිරිය යනුවෙන් අදහස් කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලඩියා යන අයගේ පාර්ශ්වයට මුදල් ලබා දෙන බවත්ය) එය නතර නොකළොත් ඔහු ගැන බලාගන්නා බවටත් ප්‍රකාශ කර ඇති බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණ මල් වඩම තැබූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද එම පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයිද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මේ වනවිට ව්‍යාපාරිකයාගේ නිවසටද පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවටද වාර්තා වේ.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ