පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා නවගමුව කොරතොට ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පුද්ගලයකු පිටතට රැගෙන ගොස් තුන්අදහේන මහවල පාලම අසල දී හිසට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා අනුරාධපුරය හූරිගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය, ජීව උණ්ඩයක් හා ජීව අත්බෝම්බයක් කොරතොට පාළු රබර් වත්තක සඟවා තිබිය දී සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුගේ වැඩිදුර ප්‍රකාශ මත හිස් පතොරොම් කොපු තුනක් කටුනායක ප්‍රදේශයේ බෝඩිමක වහලයක සගවා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නමැත්තෙකි. ඉකුත් 10 වැනි දින මෙම ඝාතනය සිදුවී තිබුණි.
සැකකරුවන් පැමිණි යතුරුපැදිය ඉකුත් මස 16 වැනි දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අත්හැර ගොස් තිබිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගෙන තිබිණි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත දකුණ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත කරන ලද නියෝගයක් අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී වෙඩි තැබීමට පැමිණ ඇත්තේ මාබිම පදිංචි තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින තිළිණ සම්පත් නමැත්තකු බවට අනාවරණය වූ බවත් මෙම අපරාධයෙන් අනතුරුව දින කීපයකට පසු ඔහු සිය මවගේ ත්‍රීරෝද රථය උකස්කර විදේශ රටකට පලා ගොස් තිබූ බවත් විමර්ශන වල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සැකකරු එලෙස සිදුකර ඇත්තේ අපරාධය සිදුකිරීම සඳහා උපදෙස් ලබාදුන් මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින යමන් සපුගේ මනෝජ් මුතු කුමාර හෙවත් කයිවාරු මුතු නමැත්තා අපරාදේ සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාම එරටට ගෙන්වා ගන්නා බවට ලබා දුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් බව සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
තමන්ට විදේශගත වීමට වත්කමක් නොමැති වීම හේතුවෙන් අනුරාධපුරයට ගොස් සැඟවුණු බව සැකකරු වැඩිදුරටත් පවසා ඇත.
යමන් සපුගේ මනෝජ් මුතු කුමාර හෙවත් කයිවාරු මුතු නමැත්තා ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ නම ප්‍රචලිත කර ගැනීමට බවත් එමගින් ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ලබාගැනීම ඔහුගේ අරමුණ වී ඇති බවත් මේ වන විට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට කලකට පෙර විවිධ චෝදනාවට ලක් වූ පුද්ගලයකු වුවද මෑත කාලයේදී කිසිඳු චෝදනාවකට ලක් වූ පුද්ගලයකු නොවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන්වන 40248 ප්‍රසන්න, 38723 රංජිත්, 72979 චමින්ද, 69598 අනිල්, 72338 ලලන්ත පොලිස් කොස්තාපල්වරුන් වන 84762 කුමාර නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments