nawaloka-hospital-sold-hnb

දිගු ව්‍යාපාරික ඉතිහාසයක් සහිත කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ‘නවලෝක රෝහල‘ පසුගිය කාලයේ ආර්ථික වශයෙන් ඇද වැටී තිබෙන අතර විශාල බැංකු ණය මුදලක් ලබාගෙන පවත්වාගෙන ගිය බව කියැවේ.
විශේෂයෙන් රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවස්ථාවේ රෝහලට උදව් කර තිබුනේ හැටන් නැෂනල් බැංකුවයි. කෙසේ වෙතත් රෝහලට බැංකුවෙන් ලබාගත්
රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය ගෙවාගන්නට බැරිව ගොස් ඇති අතර රෝහල බැංකුවට සින්න වූ බව කියැවේ.
සින්නවූ දේපළ නීති ප්‍රකාරව අලෙවි කරන්නට හැටන් නැෂනල් බැංකුව සූදානම් වූ නමුත් විකිණීම වළකාලමින් අතුරු තහනමක් ලබාගන්නට රෝහල පසුව කටයුතු කළේය.


එලෙස නිකුත් කර තිබූ විකිණීම අත්හිටවූ තහනම් නියෝගය කොළඹ වාණිජ මනාධිකරණ විනිසුරු ජගත් කහදගමගේ මහතා විසින් ඉවත් කරනු ලැබීය.
 තහනම් නියෝගය නිකුත් කර ඇති ආකාරය ගැටලු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා එම තහනම් නියෝගය ඉවත් කළේය.
තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව විරෝධතා ගොනු කරමින් එම පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වූ මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය


පෙත්සම්කාර පෞද්ගලික රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොලිය නොගෙවීම හේතුවෙන් ණය ගැනීමේ දී ඇපයක් වශයෙන් තබා තිබූ එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරිශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොලිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන
ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයි ද පැවසීය.
නීත්‍යනුකූලව තම බැංකුව කටයුතු කර තිබිය දී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටලු සහගත බව පෙන්වා දුන් නීතිඥ ප්‍රියන්ත අලගියවන්න මහතා එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු විනිසුරුවරයා එම පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.
හැටත් නැනෙල් බැංකුව වෙනුවෙන් නීතිඥවරුන් වන දුමින්ද ප්‍රේමරත්න සහ ඉසුරු වීරසූරිය මහත්වරුන් සමඟ නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියේය.