pahiyangala-ananda-sagara-thera-attck

රාජාංගනය ප්‍රදේශයේදී පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි,



රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී කෝමරිකා වගාවක් නිරීක්ෂණය සදහා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ඊයේ දිනයේ සහභාගී වී ඇති අතර, අනතුරුව විල්පත්තුව දෙසට යද්දී උන්වහන්සේට සහ ඊට සහභාගී වූ තවත් ස්වාමීන්වහන්සේ කිහිප නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියා සිටී.
මෙම පහරදීම පිටුපස ප්‍රකට වයාපාරික තාඹුගල මහතාගේ සමාගමකට අයත් සේවකයින් සිටින බවට ආරංචි පැතිර ගිය පසු මාධ්‍ය කළ විමසීමේදී ඔහු කියා සිටියේ එම සේවකයින් තමන්ගේ ස්ථිර සේවකයින් නොවන බවයි.