මහ මැතිවරණය ආසන්නයේ පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ අපේක්ෂකයින්ගේ කාර්යාල අසල බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූ බව බලධාරීහු පවසති.
පළමු පිපිරීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගියේ ක්වෙටා නගරයට උතුරින් පිහිටි පිෂින් දිස්ත්‍රික්කයේ ය.
නැගෙනහිර කිලා සයිෆුල්ලාහි දෙවන පිපිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගියහ. ප්‍රහාර සඳහා වගකීම තවම කිසිවෙකු භාරගෙන නැත.
පකිස්තානයේ මහමැතිවරණ ඡන්දය විනාශ වී ඇති බව නිරීක්ෂකයින්ගේ මතයයි. ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ ප්‍රකාශවලින් මෙම අවාසනාවන්ත තත්වය නිර්මාණය වී ඇත . හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තරග කිරීම තහනම් කර ඇති පසුබිමක තත්වය දරුණු අතට ගමන් කර තිබේ.
සම්පත් බහුල බලුකිස්තානය - පකිස්ථානයේ විශාලතම සහ දුප්පත්ම පළාත ලෙස සැලකෙන අතර එහි ප්රචණ්ඩත්වයේ ඉතිහාසයක්ද ඇත. එය විවිධ කණ්ඩායම් විසින් වැඩි ස්වයං පාලනයක් සඳහා දශක ගණනාවක් තිස්සේ දිගු අරගල කරන තැනකි, ඔවුන්ගෙන් සමහරක් සන්නද්ධය. පකිස්තාන තලේබාන් (TTP) ඇතුළු ඉස්ලාමීය සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමාවේ ක්‍රියාත්මක වේ.
ඇෆ්ගන් දේශසීමාවේ සිට ගිනිකොන දෙසින් කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) පමණ දුරින් පිහිටි පිෂින් නගරයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට බෝම්බය පුපුරා ගියේය. 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පළාත් පාලන ආයතන ප්‍රකාශ කළේය.
පිපිරුම් ප්‍රහාරයෙන් මෝටර් රථ සහ යතුරුපැදි කැඩී බිඳී ගොස් ඇති බව සමාජ මාධ්‍යවල ඡායාරූපවල දැක්වේ. එම අවස්ථාවේ අපේක්ෂකයා සිය ඡන්ද පොළ නියෝජිතයා හමුවී සිටි බව වාර්තා විය.
දෙවන පිපිරීම JUI-F පක්ෂයේ මැතිවරණ කාර්යාලය ඉලක්ක කර ඇත. උසස් පොලිස් නිලධාරියෙක් AFP පුවත් ඒජන්සියට පැවසුවේ එය ක්වෙටා සිට කිලෝමීටර් 190ක් (සැතපුම් 120ක්) නැගෙනහිරින් කිලා සයිෆුල්ලාහි ප්‍රධාන කඩමණ්ඩියේදී පිපිරීම සිදු වූ බවයි.
සිද්ධියෙන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාර දෙකෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
0 Comments