putin-kim-jong-un-car

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී Aurus ලිමොසින් මෝටර් රථයක් ලබා දී තිබේ.

ඒ අනුව Pyongyang හි රාජ්‍ය මාධ්‍ය පැවසුවේ Aurus ලිමොසින් රථය කිම් මහතා වෙත ඉරිදා ලබා දුන් බවයි.

එය තහවුරු කරමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්  කියා සිටියේ එය පුටින් මහතා පාවිච්චි කරන වර්ගයේම සුඛෝපභෝගී Aurus රථයක් බවයි.




රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූ මෙම  රටවල් දෙක සමීප සබඳතා ගොඩනඟා ගෙන ඇත.
රටවල් දෙකටම ජාත්‍යන්තර සම්බාධක පනවා තිබියදීත්, උතුරු කොරියාව යුද්ධය සඳහා කාලතුවක්කු, රොකට් සහ බැලස්ටික් මිසයිල රුසියාවට සපයනු ඇතැයි ආරංචි මාර්ග පවසන අතර එය දෙපාර්ශවයම විසින්ම ප්‍රතික්ෂේප කරනු ඇත.

පසුගිය සැප්තැම්බරයේ රුසියානු ඈත පෙරදිග පිහිටි Vostochny Cosmodrome වෙත කිම්ව පුටින් පිළිගත් අතර එය වසර හතරකට පසු ඔහුගේ පළමු විදෙස් සංචාරයද වී ඇත.

එම සංචාරයේදී උතුරු කොරියානු නායකයා පුටින් මහතාගේ Aurus Senat ලිමොසින් රථය පරීක්ෂා කළ අතර ඔහුට පිටුපස අසුනේ අසුන් ගන්නා ලෙස ආරාධනා කර ඇත.

ඔවුන් එදින  තෑගි වශයෙන් තුවක්කු ද මාරු කර ඇති බව පැවසේ.

Kim Jong-un මෝටර් රථ ලෝලියෙකු ලෙස සැලෙකෙන අතර ඔහු සතුව සුඛෝපභෝගී විදේශීය වාහන එකතුවක් ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

කිම්ගේ සොහොයුරිය යෝ ජොං පැවසුවේ,
 "ඉහළ නායකයින් අතර ඇති විශේෂ පුද්ගලික සබඳතා" පිළිබඳ පැහැදිලි විදහා දැක්වීමක් ලෙස මෙම තෑග්ග සලකුණක් වන බවය.

නමුත් දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ උතුරු කොරියාව  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කඩ කර ඇති බවත්, එය සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු ඇතැම් වර්ගවල වාහන සැපයීම තහනම් කර ඇති බවත්ය.

තවද  මොස්කව් හි බීබීසීයේ ස්ටීව් රොසෙන්බර්ග් පවසන්නේ නායකයන් දෙදෙනාගේ පෞද්ගලික සම්බන්ධතාවය කිසිසේත්ම ප්‍රේමනීය නොවන නමුත් කිම් මහතා සහ එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙන් නොව පුටින් කිම් අතර මනා සබධතාවයක් පවත්නා බවයි.

කෙසේනමුත් නුදුරු අනාගතයේ දී පුටින් මහතා Pyongyang වෙත පැමිණෙන බව රුසියාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම පෙන්වා දී ඇත.