ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඊයේ (08) දිවයිනෙන් පිටව ගියේය.
සිය වසරකුත් මාස හයක ධූර කාලය තුළ 19 වන විදෙස් සංචාරයට සහභාගී වන රනිල් වික්‍රමසිංහ ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියා රජයේ ආරාධනයකට අනුව මෙම සමුළුවට සහභාගී වන බව මාධ්යඅ ංශය දන්වා ඇත.
හත්වැනි ඉන්දීය සාගර සමුළුව මෙම 9 සහ 10 දෙදින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සහ සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව 2016 වසරේදී ඇරඹිණි.
''ස්ථාවර සහ තිරසාර ඉන්දියා සාගරයක් කරා'' යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලබයි.ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධන කර ගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුවේදී සිදුකෙරේ.සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ද ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද ජනාධිපතිවරයා සමඟම මෙම සංචාරයට එක්වී සිටී. අලි සබ්රි මහතා "අපේ නීල අනාගතය: හවුල් සාගර සම්පත්වල පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපය දූපත් රාජ්‍යයන් සමග කටයුතු කරන්නේ කෙසේද '' යන තේමාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් ඇමැතීමට නියමිතය.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියා රජය සමග එක්ව ඉන්දිය පදනම විසින් 7 වැනි ඉන්දිය සාගර සමුළුව සංවිධානය 5 කරනු ලබයි. සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල, ඕස්ට්‍රේලියාවේ පර්ත් ඇමරිකා ආසියානු මධ්‍යස්ථානය ද මීට දායකත්වය සපයයි.දෙවැනි ඉන්දිය සාගර සමුළුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ 2017 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.
0 Comments