roshan-kumara-phi-murder

අභිරහස් ලෙස සිය නිවසේදී ඝාතනය වූ ඩබ්ලිව් ඩී රොෂාන් කුමාර PHI මහතා මීට මාස 07 කට පෙර ‘ටෘත් විත් චමුදිත‘ වැඩසටහනට වෛද්‍යවරයෙකු සමග පැමිණ විශාල හෙලිදරව් කිරීම් කිහිපයක් කළේය.
‘දුඹුරු සීනි,රතුහාල්, මිරිස්කුඩු,සෝස් මේ සේරම පිළිකාකාරක ඩයි වලින් නාවලා තියෙන්නේ“ යනුවෙන් නම් කර තිබූ එම වැඩසටහනේදී ඔහු නොබියව අහිතකර ආහාර සමාගම් ගැන හෙළිදරව් කළේය.මිරිස්කුඩු, තක්කාලි සෝස්, සිනි සඳහා වර්ණක යොදා ගන්නා බවත් ඒවා මේ වන විට වෙළඳපොළේ ඇති බවත් ඔහු කීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W.D. රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීම කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි සැක කරන අතර විමර්ශන කණ්ඩායම් බහු ජාතික සමාගමක විෂ සහිත ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව ඔහු සිදුකළ පරීක්ෂණයක් ඇතුළු කටයුතු රැසක් සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
දැනට මූලික විමර්ශනවලින් හෙළි වි ඇත්තේ මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඇති  වූ තර්ජනයක
ප්‍රතිඵලයක් බව යැයි විමර්ශන අංශ හෙළි කළේය.



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  රොෂාන් කුමාර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන නිලධාරියෙක් වූ බවද හෙළි විය.

ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ගලයන්  ප්‍රමාණය විශාල බව ද අනාවරණය වී තිබේ.
රොෂාන් කුමාර   වෘත්තිය වෙනුවෙන් දැඩිව කැපවී කටයුතු කරන නිලධාරියෙක් බැවින් ඔහු යටතේ සිටින
නිලධාරියකුට පවා යම් වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ නොලැබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබුණි.

මේ වන විට සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකරමින් විමර්ශන
පැවැත්වෙන බව පොලිසිය කියයි.

 26 වනදා පෙරවරුවේ  යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක්
 රොෂාන් කුමාරගේ නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු පාසලට භාරදීමට නියමිතව සිටි සිය
සිඟිති පුතාගේ  නම සහිත ටැග් එක පරිගණකයෙන් නිර්මාණය කරමින් සිටියදී ය. වෛද්‍ය සේනක ගමගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W.D රොෂාන් කුමාර සමග චමුදිත සමරවික්‍රම කළ වැඩසටහන වීඩියෝව පහතින්