පසුගියදා ඝාතනයට ලක්වූ ‘අපේ ජන බල‘ පක්ෂයේ නායක සමන් පෙරේරා එලෙස ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු වූ විශ්‍රාමික නාවික හමුදා සෙබල අජිත් ඉන්ද්‍රසිරි ගේ බිරිය ඊයේ (13) තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුරමාර හමුවේ විශේෂ රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.
නඩුවේ 13 වන සැකකාරිය ලෙස නම් කර සිටින ප්‍රධාන වෙඩික්කරුගේ බිරිද වෙනුවෙන් පෙනි සිටි නීතීඥ තාරක නානායක්කාර අධිකරණය හමුවේ මෙසේ කීය.
“ස්වාමීනි,මෙම අත්අඩංගුවට ගැනිම නිසා මගේ සේවාදායිකාවත් දැඩි ලෙස මානසික පිඩාවට පත් වෙලා ඉන්නේ.ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායිකාව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් කිරිමට අද කැමැත්තෙන් සිටිනවා“ ඒ අනුව රහස් ප්‍රකාශය පැවසිණි.
දැනට හෙළිදරව් වී ඇති ආකාරයට අපරාධය මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවසිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක්වන කොස්ගොඩ සුජීගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ හර්ෂ නැමැති පුද්ගලයෙක් විසින් ය.
රට තුළ අපරාධය සම්පූර්ණයෙන්ම සැලසුම් වන්නේ සිංහ රෙජිමේන්තුවේ හිටපු මේජර්වරයෙක් වූ නිශාන්ත ඩයස් නැමැත්තෙක් විසිනි.
මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ අජිත් ඉන්ද්‍රසිරි නැමැති විශ්‍රාමික නාවික සෙබලා අපරාධය කර දින කීපයකින් ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබිණි.
ඝාතනය සම්බන්ධව වෙඩික්කරුගේ බිරිය සහ බිරියගේ පියා මෙන්ම ඝාතනයට ආධාර අනුබල දීම ගිනි අවි ප්‍රවාහනය කිරීම ඇතුලු චෝදනාවලට අවස්ථා කීපයක දී සැකකරුවන් 14 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි නිතීඥ ප්‍රවින් නානායක්කාර මෙසේ කීය.
“ස්වාමිනී පළමු සැකකරු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පළමු සැකකරුගේ පාපොච්චාරණය මතයි.
ඒ හැරෙන්න වෙනත් කිසිදු සාක්ෂියක් මත නෙමෙයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.එහෙම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් මෙම සැකකරුවන්ගේ පුද්ගලික නිදහසට දැඩි අගතියක් සිදුවෙලා තියෙනවා.මේ නිසා මේ වන විට මෙම සැකකරුවන් දැඩි ශාරීරික හා මානසික පීඩාවකට පත් වෙලා ඉන්නේ.ඉන් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංගණය වෙලා තියෙනවා.එනිසා මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස නම් කිරිමට මුලික වු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.“ යැයි පැවසිය.
0 Comments