sanath-nishantha-driver

 'මාරයා මට මිස් කෝල් ගහනවා' යැයි සනත් නිශාන්ත මහතාගේ රියැදුරා අනතුරට පෙර ඔහුගේ ෆේස්බුක් අඩවියේ සටහනක් තබා තිබූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.


සනත් නිශාන්ත මහතාගේ රියැදුරාගේ ෆේස්බුක් අඩවිය පරිශීලනය කළ විට වසර දහයක් පමණ
තිස්සේ මේ ආකාරයේ සටහන් මෙන්ම වේගයෙන් රිය පදවන බව සඳහන් වන වේග මාපකයේ ඡායාරූප පළ කර තිබූ බව මන්ත්‍රීවරයා කීය.
මෙම අනතුර සිදුවීමට සතියකට පෙර මාරවිලදීත් සති තුනකට පෙර වාරිය පොලදීත් අනතුරු සිදුව ඇති බව කී මධුර විතානගේ මහතා උඹ මාව මරන්න හදනවා දැයි' ඒ අවස්ථාවල දී සනත් නිශාන්ත මහතා රියැදුරාගෙන් විමසා ඇතැයි ද පැවසීය.
ජාත්‍යන්තර වශයෙන්ද ඝාතකයන්ගේ පෙර හැසිරීම් නිරීක්ෂණය කරන විට මෙවැනි තත්වයන් දැක ගත හැකි බව කී මන්ත්‍රීවරයා මෙම නව ත්‍රස්තවාදය නැමැති සංකල්පය පිළිබඳව පාර්ලිමේන්තුව මීට වඩා සැලකිලිමත් විය යුතු බව ද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව සෝක යෝජනා විවාදයේදීය.