slt-china-india

ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.



ඒ අනුව චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක ඒ සඳහා සුදුසුකම් ලබා තිබේ.



ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් වෙනත් ආයෝජකයෙකු වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් වී සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන තිබේ.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම ඉන්දියාවේ ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යාපාරයට අයත්වේ.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගමේ වත්කම මේ වනව්ට අමෙරිකානු ඩොලර් බිලියන 107ක් පමණ වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.

   නවෝද්‍යා පවනි.