එසේම රටේ ස්ත්‍රී ඝාතන අනුපාත පිළිබඳ විරෝධතාවයන් දින ගණනාවක් මුළුල්ලේ එලිබැස ඇත.
පෙබරවාරි මුල් සතියේ සිදුවූ මෙම ඝාතන තුනේම සැකකරුවන් මියගිය කාන්තාවන්ගේ සැමියන් බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
මියගිය අයගෙන් දෙදෙනෙක් ගැබිනියන් වූ අතර ලුල් අබ්ඩි අසීස් ජසිරේන්ගේ රෝහල් ඇඳේ ඡායාරූප පෙන්වන විරෝධතා පුවරු ඔසවාගෙන සිටින විරෝධතාකරුවන් සමඟ මොගඩිෂු අගනුවර පෙළපාලි ඇතිවෙමින් ඇත.
28 හැවිරිදි තරුණියට පෙට්‍රල් දමා ගිනි තිබීමෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇත.
ඇගේ සොහොයුරා වන Amudi Abdi Aziz Jazira පැවසුවේ අසල්වාසීන්ට "දරුණු බහින්බස්වීමක්" ඇසී ඇති අතර පසුව මෙම පිළිස්සුනු කාන්තාව පිටතට ගැනීමට අගුලු දැමු දොර කැඩීමට සිදුවූ බවයි.
මෙම 28 හැවිරිදි ජසිරා, ඇය සේවය කළ මොගඩිෂු හි ගුවන් තොටුපළේදී ඇගේ දෙවන සැමියා හමුවන විට දරුවන් හය දෙනෙකු සමඟ වැන්දඹුවකි.
ඇගේ සහෝදරයා පවසන්නේ ඔවුන් සතුටින් සිටිනු ඇති බව ඔහු සිතු බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක Sadiq Dudishe පැවසුවේ, සැකකරු වසර 17ක් තිස්සේ සෝමාලියාවේ වැඩි කොටසක් පාලනය කළ රජය සහ අල්-ෂබාබ් ඉස්ලාමීය කණ්ඩායම අතර දරුණු සටන් පවතින ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඔහුව අල්ලා ගැනීම දුෂ්කරව ඇති බවත්ය.
තවද Qoryoley හි දකුණු දිස්ත්‍රික්කයේ, Saleban Haji Abdi අත්අඩංගුවට ගෙන ඇති අතර, 22 හැවිරිදි Fus Mahfud Mohamed හට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
එහිදී සිව්වැනි දරුවා පිළිසිඳගෙන සිටි තම බිරිඳට පෙබරවාරි 3 වැනිදා ඔහු පහර දුන් බවට චෝදනා එල්ල වී ඇත.
මොහොමඩ්ගේ පියා වන මහ්ෆුඩ් මොහොමඩ් හාජි පැවසුවේ මෙම යුවළ අතර ඇති වූ ආරවුල් මීට පෙර ඔවුන්ගේ පවුල් විසින් xeer ලෙස හඳුන්වන සෝමාලියානු චාරිත්‍රානුකූල නීතිය හරහා විසඳා ඇති බවයි.
නමුත් තත්වය එන්න එන්නම ව්‍යාකුල වූ අතර ඇය ඝාතනයට ලක්ව ඇත.
මොහොමඩ්ගේ සිරුර කැබලිවලට කපා ඝාතනය කරන ලද ඝාතකයා විසින් ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසා ඇත.
මියගිය තුන්වන කාන්තාව නම් කර නොමැති නමුත් දකුණු සෝමාලියාවේ ලෝවර් ෂබෙල් ප්‍රදේශයේදී කාන්තාවකට ඇගේ සැමියා විසින් වෙඩි තබා ඇති බවට පොලිසිය පවසා ඇත.
පෙබරවාරි 4 වන දින, මොගඩිෂු අසල ඇෆ්ගෝයි නගරයේ, ඔහුගේ පවුලේ නිවසින් පිටත පෙට්‍රල් සහ ගිනිකූරු සන්තකයේ තබාගෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ බිරිඳට සහ දරුවන්ට ගිනි තැබීමට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබූ නිසා අසල්වාසීන් මැදිහත් වී මේ පිලිබදව පොලිසිය දැනුම් දී ඇත.
සෝමාලියානු කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනී මේරියම් තකල් හුසේනා පැවසුවේ කාන්තාවන් තිදෙනාට සාධාරණයක් ඉටුවන තුරු විරෝධතා අඛණ්ඩව සිදුකරන බවයි.
හුසේනා පැවසුවේ බොහෝ මිනිසුන්, විශේෂයෙන් පිරිමින්, එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස ගෘහස්ථ හිංසනය සහ කාන්තාවන්ට එරෙහි වෙනත් ආකාරයේ අපයෝජනයන්ට පෙළබි සිටින බවයි.
එසේම ඇය වැඩි දුරටත් සදහන් කර තිබුනේ සමාජ මාධ්‍යවල පැමිණීමත් සමඟ, ගැහැණු ළමයින් මත්ද්‍රව්‍ය ලබා දීමෙන් පසු බ්ලැක්මේල් කිරීම සහ ඔවුන් දූෂණය කරන අතරතුර රූගත කිරීම ඇතුළු නව ආකාරයේ අපයෝජනයන් වැඩි වෙමින් පවතින බවත් ,සමහර විට එයට එක් අයෙකුට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වන බවත්, මෙම වීඩියෝ වලින් සමහරක් සමාජ මාධ්‍ය වේදිකාවල විකුණනු ලබන බවත් ය.
එසේම මොගඩිෂු හි බෙනාඩිර් දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාර යූසුෆ් හුසේන් ජිමාලේ ජසිරාගේ දරුවන්ට මූල්‍ය ආධාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති නමුත් බලධාරීන් ප්‍රමාණවත් ලෙස කටයුතු නොකිරීම ගැන සොයා බලන බව පවසා ඇත.
විශේෂයෙන්ම ගෘහස්ථ හිංසනයට එරෙහිව සෝමාලියාවේ නිශ්චිත නීතියක් නොමැත.
2018 දී, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය සහිත විස්තීර්ණ ලිංගික අපරාධ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද නමුත් එය තවමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැත.
එසේම 2020 දී නව ලිංගික සංසර්ගය සම්බන්ධ අපරාධ පනත් කෙටුම්පතක් යෝජනා කරන ලද අතර, එය වැඩිවිය පැමිණෙන විට විවාහ වීමට ඉඩ සැලසීමට සහ පවුලේ කැමැත්ත ඇති තාක් කල් බලහත්කාරයෙන් විවාහ නීතිගත කිරීමට වත්මන් වයස් සීමාවන් ලිහිල් කර ඇත.
0 Comments