stunning-russian-model-arrested-putins

රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සැලකෙන රුසියානු යුද විරෝධී නිරූපිකාවක් ගැන කතිකාවක් ආරම්භ වී ඇත.



මෙලෙස පැහැරගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසු වූ Nadezhda Rossinskaya වන අතර ඇය දුම්රියක සිටිද්දී FSB ආරක්ෂක සේවය විසින් පැහැරගෙන ඇති බව විශ්වාස කෙරේ.

ඇය දැන් බෙල්ගොරොඩ්හි රඳවා තබා ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස ඉදිරිපත්කොට ඇත්තේ රුසියානු රාජ්යයේ ආරක්ෂාවට තර්ජනයක්" යන සැකය යටතේ බව සදහන් කර ඇත.

තවද මේ වන විට කිසිදු හේතුවක් නොමැතිව ඇගේ සොහොයුරිය වන එලේනා එගොරෝවා ද ඇගේ මහල් නිවාසයට පොලිසියට කඩා වැදීමෙන් පසුව රඳවා තබා ඇත.



Rossinskaya රුසියාවේ සිරවී සිටින යුක්රේන සරණාගතයින්ට උදව් කරමින් සිට ඇති අතර ඇය සමගම එම කටයුතු වලට උදව් වෙමින් Nadine Geisler ලෙසද හැඳින්වෙන නිරූපිකාව සහ ඡායාරූප ශිල්පිනියද  මානුෂීය ආධාර එකතු කළ අතර සමහර සරණාගතයින්ට මුරපොලක් හරහා ආපසු ගෙදර යාමට උදව් කර ඇත.

කෙසේ වෙතත්, ඇය යුක්රේන හමුදාවට සහය වී මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සැක මතුවීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර ඇයගේ නීතිඥ යෙව්ගනි සොකොලොව් පැවසුවේ ඇය වරදකරු වුවහොත් ඇයට වසර හතක සිර දඬුවමක් ලැබෙනු ඇති බවයි.

එසේම පසුගිය කාලයේ යුක්රේනයේ නිල් සහ කහ වර්ණවලින් සැරසී මල් බෙදීම සම්බන්ධයෙන් ඇයට දඩ නියම වී තිබිණ.

ඇය මීට පෙර අසල්වැසි රටේ පවතින යුද්ධය පිළිබඳව තම භීතිය ප්‍රකාශ කරමින් ලේ වැගිරෙන මුහුණේ පින්තූරයක් ද පළ කර තිබුණාය.



ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා  අකටයුතුකම් පිළිබදවද සදහන් කර තිබු අතර ලේඛන නොමැති සිරුරු මෘත ශරීරාගාරයේ වැතිර   අයුරුත් කුමක් හෝ හොද ප්‍රවෘත්තියක් බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ නෑයන් මග  බලා සිටින  අයුරුත් විස්තර කර තිබුනාය.

ඇය සදහන් කරන ආකාරයට දිනක් ඇය ඇයව ඇමතූ කාන්තාවක් මගේ සැමියා පැය දෙකකට පෙර මිය ගියා… ඔබට එහි යා හැකිද? ඔහුව තැන්පත් කර ඇත්තේ කොහේදැයි ඔබට සොයා ගත හැකිද? මම අනිවාර්යයෙන්ම කවදා හෝ එහි එනවා. ” යනුවෙන් පැවසු බවද ඇය සදහන් කොට ඇත.